බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම ඝාතනවල සුල මුල එළියට… ගොන් කරත්ත තරගයක ආරවුලක් මන්නාරමේ මිනී මැරුම් වැළක් හදන හැටි… දැන් මරණ 04යි…

by editor
ජනවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • ෆුල් පේස් හෙල්ටම් දාගෙන මුහුණ කළු රෙද්දකින් වහගත්තු කෙනෙක් බයිසිකලෙන් බැහැලා එක දිගට වෙඩි තිබ්බා… මන්නාරම ඝාතනයේ ඇසින් දුටු සාක්ෂියක්…

මන්නාරම අධිකරණය ඉදිරිපිට අද (16)  දා උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියෙන් අනතුරුව මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් මන්නාරම නගරය තුළ අරඹා තිබේ.  

මියගිය දෙදෙනා සබ්‍රියන් අරුල් ( 63 ) සහ සෙල්වකුමාර් ජූඩ් ( 42 ) නැමති දෙදෙනා බවට  හඳුනාගෙන   ඇත.

රෝහල් ගත කොට සිටින තුවාලකරුවන් දෙදෙනා අතර කාන්තාවක්ද සිටියි.

තුවාල ලබා සිටි හතර දෙනාගෙන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරණ විටත් මියගොස් සිටි බව මන්නාරම රෝහලේ වෛද්‍ය නිලධාරී හනීෆා  පැවසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මන්නාරම අධිකරණයේ වෙනත් නඩු කටයුත්තක් සඳහා පැමිණ සිටි කාන්තාවක් සිද්ධිය දැක ඇති අතර ඇය ප්‍රකාශ කොට සිටියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු බිමට බැස එක දිගටම වෙඩි තබා ගෙන ගිය බවය.

මුහුණු ආවරණය වන සේ හෙල්මට් පැළඳ සිටි ඔහුගේ මුහුණේ කලු රෙදිකඩක් වැනි යමක් තිබෙනු තමන් දුටු බවද ඇය ප්‍රකාශ කොට තිබේ.

වෙඩි වරුසාවක් එල්ල කිරීමෙන් පසුව ඔහු යතුරු පැදියට ගොඩ වූ බවත්  අනෙක් පුද්ගලයා වේගයෙන් යතුරු පැදිය පදවා ගෙන ගිය බවත් ඇය කීවාය.

මේ අවස්ථාවේදී අධිකරණය ඉදිරිපිට සිටි පිරිස හිස් ලූ ලූ අත දිව ගිය බවද විනාඩි කීපයකට පසුව පොලීසිය පැමිණ තුවාල කරුවන් රෝහලට රැගෙන ගිය බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

2022 ජුනි 10 වැනි දින මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ ගොන් කරත්ත තරගයක් අතරතුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සහෝදරයන් දෙදෙනකු වෙනත් පාර්ශ්වයන් විසින් ඝාතනය කරන ලදී.

ඊට සම්බන්ධ නඩු විභාගය මන්නාරම අධිකරණයේ විභාග වීමට නියමිත දිනයේදී ඊට සහභාගී වීමට පැමිණි පිරිසක් ඉලක්ක කරගෙන මෙම වෙඩි ප්‍රහාරය සිදු වූ බව මන්නාරම පොලීසිය පැවසීය.

යතුපැදිවලින් පැමිණි කණ්ඩායමක් ඔවුන්ට වෙඩි තබා පලා ගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධියෙන් පසුව පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකය හා යුද හමුදාව මන්නාරම නගරය හා ඒ අවට මාර්ග බාධකද යොදා  සෝදීසි මෙහෙයුමක් දියත් කොට තිබේ.

මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්!

Next Post

අවි ගබඩාවකින් ටී -56ක් උස්සා වසර ගණනක් ලඟ තබා ගත් සිවිල් ආරක්ෂකයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.