විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ උතුරු පලාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී කෝටි හතරකට අධික වීදි වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 394ක් අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
මන්නාරම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.