දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට මන්නාරමට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු හා බෝට්ටුවක් ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් 2 දා අත් අඩංගුවට ගෙන ඇත.

රාමේස්වරන් වෙරලාරක්ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම අයිස් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අඩංගුවට ගෙන තිබේ.
බෝට්ටුවට එම මත්ද්‍රව්‍ය රාත්‍රී කාලයේදී පැටවීමෙන් පසුව මත්ද්‍රව්‍ය රැගෙන එන ලද ලොරිය හා සැකකරුවන් තුන් දෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන්වද අත් අඩංගුවට ගැනීම සදහා රාමේස්වරන් වෙරලාරක්ෂක නිලධාරීන් රාමේස්වරන් පොලීසියේ සහය ඉල්ලා ඇත.
අත් අඩංගුවට පත් සැකකරුවන් හය දෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් අයෙකු ශ්‍රී ලංකා සම්හවයක් ඇති අයෙකි.
අනෙක් තුන් දෙනගෙන් දෙදෙනෙකු බෝට්ටුකරුවන් වන අතර අනෙක් තැනැත්තා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු බවට හදුනා ගෙන තිබේ.
මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව රාමෙස්වරන් පොලීසියට අනුයුක්ත මත්ද්‍රව්‍ය මර්දන පොලීසිය වෙත බාර දී ඇත.







