කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීම සඳහා පුරාවිද්‍යා කණ්ඩායමක් යොමු කිරීමට සූදානමින් සිටින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග පවසයි.
පසුගිය 12 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ එම මන්දිරවල පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදුව ඇති බවය.
සිදුවී ඇති හානි තක්සේරු කර පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොපසුබටව කටයුතු කරන බව පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධයට පවසා ඇත.