අද රැස්වූ පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ අනුර කුමාර දිසානායක අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර එහිදී රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්රීවරයා ‘මේ බලන්න මේ ත්රස්තවාදියෙක් ඇවිත්, ත්රස්තවාදියෙක් ඇවිත් කරන දේ බලන්න’ යැයි ඉන්දික අනුරුද්ධ මන්ත්රීවරයා දෙසට අත දිගු කරමින් පැවැසීය.
එම සිද්ධියට හේතු වූයේ පාස්කු ප්රහාරයට සම්බන්ධ අදහස් දැක්වීමේදී ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ හරීන් ප්රනාන්දු පමණක් නොව, අනුර කුමාර දිසානායක සහ රවුෆ් හකීම්ගෙන් ද සම්බන්ධතා පිළිබඳව ප්රකාශ ලබා ගතයුතු බවත් අනුර කුමාර මහතාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්රාහිම් පිළිබඳ ඔවුන්ට ද ගැටලු පවතින බවයි.
මෙහිදී අනුර කුමාර දිසානායක මහතා නැගී සිටිමින් කියා සිටියේ ‘ඊබ්රහිම් විතරක් නෙවෙයි පස් කපපු ඒවා ගැනත් අපි දන්නවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. පාස්කු ප්රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභාව අවුරුදු දෙකක් තිබ්බා. ඔය කියන පුද්ගලයා අපි දන්නවා. අද වෙනකන් කිසිදු ප්රකාශකට මාව කැඳවලා නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට කියන්න මාව කැඳවන්න කියලා මා සතුව තියෙන සියලු තොරතුරු දෙන්න ලෑස්තියි. හෙට කියන්න මාව කැඳවන්න කියලා.’ යනුවෙනි.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු ආසනවල ඉදිරිපස පේළිය දෙසට ඇවිද ගොස් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක දෙසට අත දිගු කරමින් මහ හඬින් යමක් පවසනු මැතිසබේ දර්ශනවල සටහන්ව තිබේ.
පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නැවත සිය අසුනට පැමිණෙන ලෙස ඔහුගෙන් කිහිප වතාවක්ම ඉල්ලා සිටි අතර එහිදි කතා කිරීමට අවස්ථාව ලබාදුන් රංජිත් මද්දුමබණ්ඩාර මද්දුම බණ්ඩාර මන්ත්රීවරයා එම අවස්ථාවේදී ‘මේ බලන්න ත්රස්තවාදියෙක් ඇවිත්’ යයි ඉන්දික අනුරුද්ධ මන්ත්රීවරයා දෙසට අත දිගු කරමින් පැවසීය