ත්‍රී කුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරලගේ නිවසේ දිවා ආරක්ෂක රාජකාරියේ යෙදී පොලිස් සැරයෙන්වරයෙක් අතින් මන්ත්‍රීවරයාට නිකුත් කර ඇති පුද්ගලික ගිනි අවිය පත්තු වීම නිසා වෙඩි වැදුණු සිවිල් ආරක්ෂක භටයෙක් කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.
ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් මන්ත්‍රීවරයාට නිකුත් කර ඇති පුද්ගලික ගිනි අවිය පිරිසිදු කිරීමට යෑමේ දී එම පිස්තෝලය පත්තු වී මෙම සිවිල් ආරක්ෂක භටයාට වෙඩි වැදී ඇත.
සිවිල් ආරක්ෂක භටයාගේ වම් අතේ මැණික්කටුව ප්‍රදේශයට සහ දකුණු අතේ උරහිස ප්‍රදේශයට වෙඩි වැදී තිබේ.
අත්වැරදීම සිදුවූ නිලධාරියා අත් අඩංගුවට ගෙන නැත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.







