අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටිය මහවැලි ගඟේ නව වැලි මංකඩ 26ක්  දේශපාලන හිතවතුන්ට… භූමි පරීක්ෂාවට පැමිණි පිරිස් ප්‍රදේශවාසීන්ගේ  විරෝධතා මැද පලා යති!

මංකඩ 26ම පුද්ගලික සමාගමකට දෙන්නට සූදානම් බවටත් සැකයක්...

by editor
දෙසැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් පරිසරයට හානි වන පරිදි දේශපාලන හිතවතුන්ට සහ පිටස්තර ව්‍යාපාරිකයන් පිරිසකට වැලිමංකඩ විසිහයක් ලබාදීම සඳහා භූමි පරීක්ෂණයට පැමිණි භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඇතුළු වනජීවී නිලධාරීන්, පරිසර අධිකාරියේ නිලධාරීන්, පිරිසකට අද ( 19)  දහවල් මනම්පිටිය වැලි මංකඩලාභීන්, වැලි ගොඩදමන කම්කරුවන් සහ ටිපර් රථ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසී  පිරිසක් එල්ල කළ දැඩි විරෝධය හමුවේ ඔවුන්ට හිස් අතින් යාමට සිදුවිය.

මනම්පිටිය මහවැලි ගඟේ ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයේ පිටස්තර මහා පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසකට සහ දේශපාලන හිතවතුන්ට මෙම වැලිමංකඩ ලබාදීමට භූ විද්‍ය හා පතල් කැණීම්  කාර්යාංශය සැලසුම් කර තිබිණි.

එම වැලිමංකඩ ලබාදීමේදී වන අලින් වන සතුන්ගේ ජීවිත වලට විශාල තර්ජනයකට මුහුණ දීමට සිදුවන බවත්, එම ප්‍රදේශයේ වැලිමංකඩ ලබාදීමට කටයුතු කළහොත් වියලි කාලයන්හිදී පොළොන්නරුව රෝහල ඇතුළු පොළොන්නරුව ප්‍රදේශයේ පවුල් විසිපන්දහකට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පෑමට සිදුවන බවත්  විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළහ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මනම්පිටිය ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයේ වැලිමංකඩ බෙදා දීමට අදාළ බලධාරීන් සැලසුම් කර තිබියදී ඒ පිළිබඳ මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ අනීතකව ලබාදීමට යන වැලිමංකඩ අකුලා ගැනීමට සිදුවූ බව විරෝධතාකරුවෝ කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ප්‍රදේශයෙන් කිසිදු අයකට වැලිමංකඩ ලබාදීමට ඉඩ නොදෙන ලෙස    වත්මන් පරිසර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව මනම්පිටිය වැලිමංකඩ හිමියන් සහ පරිසරවේදීන් මෙන්ම මහා සංඝරත්නය ද එක්ව ඉල්ලා සිටිති.

මනම්පිටිය මහවැලි ගඟේ පහළ ප්‍රදේශයේ වැලිමංකඩ විසිහයක් ලබාදෙන බවට සඳහන් කරමින් භූ විද්‍ය  සමීක්ෂණ හා පතල් අංශයේ පොළොන්නරුව කැණීම් ඉංජිනේරු එච්. ඒ. සී. කේ. ඩබ්ලිව්. බණ්ඩාර  අදාල ආයතන දැනුවත් කර මංකඩලාභීන්ගේ නම් වෙනුවට සඳහන් කර ඇත්තේ පෞද්ගලික වැලි සමාගමක් බවද එය පිටුපස විශාල කුමන්ත්‍රයක් සහ අබිරහසක් තිබෙන බවද වැලි මංකඩ ලාභීහු සඳහන් කරති.

ජලගලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලින් වන සතුන්ට තර්ජනයක් වන අයුරින් සහ පොළොන්නරුව මහ රෝහලේ රෝගීන් මෙන්ම පොළොන්නරුව නවනගරය, කදුරුවෙල ඇතුළු ප්‍රදේශවල පවුල් විසිපන්දහකට උග්‍ර පානීය ජල අර්බුදයක් ඇතිකරමින්  මහවැලි ගඟේ ජල පවිත්‍රාගාරය පිහිටා ඇති ප්‍රදේශයෙන් වැලිමංකඩ තවදුරටත් ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කළහොත් ඊට විශාල අරගලයක් ක්‍රියාත්මක කරන බවද වැලිමංකඩලාභීන් සහ වැලිකම්කරුවන් මෙන්ම පරිසරවේදීහු සඳහන් කරති.

අප මේ පිළිබඳව භූ විද්‍ය හා පතල් කිරීම් කාර්යාංශයේ කොළඹ කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ එම ප්‍රදේශයෙන් වැලිමංකඩ විසිහයක් ලබා දීමට සූදානම් කර ඇත්තේ තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රදේශවල පදිංචි අයවලුන්ට බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තුනට දෙදරයි!

Next Post

 කතරගම  චූටි කපුවා ඇප පිට නිදහස්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.