මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල්, අයථා කටයුතුවලට භාවිතා කිරීමට නොහැකි වන ලෙසටත්, එම මුදල් නිශ්චිතව භාවිතා කළයුතු ආකාරය ගැනත් රෙගුලාසි පනවමින් මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කිරීමට ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ හිමිවි ඇත.
ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ගේ සභාපතිත්වයෙන් පසුගිය දා (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබිණි.
වසර දෙකකට පෙර ණය බරින් පෙළුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් උත්පාදනය අද වන විට 614 % කින් වර්ධනය කරගත හැකි වී තිබෙන බව එම අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසීය.
වර්තමානය වන විට සීගිරියේ ඉර උදාවේ සුන්දරත්වය විදේශිකයින්ට නැරඹීමට අවස්ථාව සලසාදීමෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් තුන්දහසකට අධික අදායමක් ලැබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේය. තදුරටත් සීගිරිය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ලබාගත හැකි අංශ හඳුනාගනිමින් පවතින බවත් එම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට KOICA ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8 ක ආධාරයක් ලබාදීමට මුලික එකඟතාව හිමිවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
සංචාරක කලාපවල අවිධිමත් ලෙස සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන සමහර ත්‍රී රෝද රථ රියදුරන් අධික මිල ගණන් අයකරන බව මෙහිදී අනාරණය විය.
ඒ අනුව එම ප්‍රදේශවල පවතින ත්‍රී රෝද රථ සඳහා මීටර සවිකිරීම අනිවාර්ය කළයුතු බව නිලධාරීහු කාරක සභාවට අවධාරණය කර සිටියහ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීමත් දැනට රාජකාරි කටයුතු කරන 286 ක් වූ ස්ථිර නොමැති සේවකයින් ස්ථිර කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසත් නිලධාරීහු කාරක සභාවෙන් ඉල්ලීමක් කළහ. අනුව ඒ සඳහා කාරක සභාව ඔවුන්ගේ පවතින රාමුව තුළ මැදිහත්වීමට එකඟ විය.