බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව අනවසර හෝටලයක් ඉදි කරලා

by editor
ඔක්තෝබර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • වැලිවිට සරණංකර හිමියන් ස්නානය කළ තැනත් සමතලා කරලා…

  • කුඹුරු ගොඩකරමින් මීටර දෙසියක මාර්ගයක් හදලා…

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ සහ ඔහුගේ පුතු තරින්ද අමරසිංහ විසින්  ඓතිහාසික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වශයෙන්ද අතිශය වැදගත් පාරිසරික සංවේදි භූමිභාගයක සිදු කරගෙන යනු ලබන හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමක තොරතුරු මාතලේ රත්කිඳ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය දෙකෙන් එකක් වන තේලගමුව ඔය ගලා යන අතර, දීර්ඝ කාලීනව කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුපොල්ලන්ද කටුකිතුලේ ඇළ පිහිටා තිබේ.

ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ ඉදි කිරීම් සිදු වන අතර, එහි සිට සංචාරකයන්ටඔයට යෑමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක්ද සැකසෙමින් පවතී. මේ ප්‍රදේශය වැලිවිට සරණංකර සඟරජ හිමියන් දිය නෑ තොටක් ලෙස ඇටම්වල ගම්වැසියන් විශ්වාස කරන අතර, ඒ ආශ්‍රිතව ඔවුහු කිරි ඉතිරවීමේ මංගල්‍යයක්ද පවත්වයි.

සංචාරකයන් ගැවසෙන්න පටන් ගත් කල මේ සංස්කෘතික අගයන්ට හානි පැමිණිය හැකි බව ඔවුන්ගේ අදහසයි. ඒ අතර මේ මාර්ගයේ ඉදිකිරීම්වලදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයටද හානි වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

හෝටල් සංකීර්ණයට ළඟා වීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය නිම වෙමින් ඇත්තේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන මැදින් වන අතර මේ වන විට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව පවතී. මේ ඉදිකිරීම් නිසා ඇළ ඉවුරුවල ස්වාභාවික ගල් පවා ඉවත් කරනු ලැබ ඇති අතර එමඟින් ඇළ ඛාදනය වීමක්ද රොන් මඩ ගලා යෑම නිසා තේලගමු ඔයේ ජල දූෂණයකද අවදානම පවතී.

කුඹුරු හිමියන්ට විවිධ උපකාර කර, කුඹුරු කරා හොඳ පිවිසුම් මඟක් සකසා දෙන බව ඒත්තු ගන්වා ඔවුන් ලවා පල්ලේගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ගත් අවසරයක් හැරෙන්නට ප්‍රදේශයේ භූ දර්ශනයට අනුව මධ්‍යම පරිසර අධිකාරියෙන්, වන සංරක්ෂණ අධිකාරියෙන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අවසරයක් මේ හෝටල් සංකීර්ණයේ හිමි කරුවන් ලබා ගෙන නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ බොරුකාර ලේකම් ගල් අඟුරු හොරකම ප්‍රශ්න කළ විගණකාධිපතිට නින්දා කරලා…

Next Post

ප්‍රියමාලි ලඟ වැඩිපුර ආයෝජනය කර ඇත්තේ කළු සල්ලි?. දේශපාලකයෙකුගෙන් කෝටි 80ක ආයෝජනයක්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.