දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වලදී තමන් නියෝජනය කරන ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයේත් තවත් පළාත් කීපයකත් නියෝජිතයින් තෝරා පත් කර ගැනීම ඉතා වැරදි සහගත බවට ලිපියක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා විසින් 11 දා පක්ෂයේ විනය කමිටුව වෙත යොමු කොට තිබේ.
ඔහු සදහන් කරන්නේ පක්ෂය වෙනුවෙන් ඉතා දීර්ඝ කාලයක් සේවය කොට ඇති පිරිස් නොසලකා හැර ඇති බවය.
ත්‍රීකුණාමළය යාපනය කන්කසන්තුරේ හා තවත් පළාත් කීපයක මේ තත්ත්වය සිදු වී ඇති නිසා වහාම මේ පිළිබදව සොයා බලන ලෙස සම්පන්ධන් මන්ත්‍රීවරයා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ විනය බාර ශ්‍රීනිතම්බි යෝගේස්වරන් වෙත දැනුම් දී තිබේ.
ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කොළඹ ශාඛාවේ සභාපති ජනාධිපති නීතීඥ කේ.වී.තවරාසා වෙතද මේ බව දැණුම් දී ඇත. සම්පන්ධන් මන්ත්‍රීවරයාට අමතරව දැනට දෙමළ ජාතික සන්ධානය සමග සිටින මත්‍රීරීවරු තුන් දෙනෙක් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තුළ සිදුව ඇති ජ්‍යෙෂ්ඨයින්ට නොසලකා හැරීම ගැන පෙත්සම් පහක් ද විනය කමිටුව වෙත යොමු කොට තිබේ.
පක්ෂයේ පිරිස් විසින් සිදු කොට ඇති මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් විනය කමිටුව යම් පියවරක් නොගන්නේ නම් තමන් තමන්ගේ හිතෛෂී පාක්ෂිකයින් සමග එක්ව විශාල අරගලයක් ගෙන යන බවට සම්පන්ධන් මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීමක්ද කොට තිබේ.
ජනවාරී මාසයේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහා නායකයෙකු තෝරා ගැනීමට නම් දිස්ත්‍රික් මට්ටමින් සිටින නියෝජිතයින් ඉතා ශක්තිමත් පිරිසක් විය යුතු බව පෙන්වා දෙන සම්පන්ධන් මන්ත්‍රීවරයා මෑතකදී සිදු කරණ ලද පක්ෂයේ ප්‍රතිසංවිධානවලදී එවැන්නක් සිදු නොවි දුර්වලයින් පිරිසක් තෝරා ගෙන ඇති බවද විනය කමිටුවට දැනුම් දී ඇත.