මඩකලපුවේ වැලි ජාවාරම් කාර පොහොට්ටු දේශපාලන ප්‍රබලයින් තුන්දෙනෙක් ගේ නම් ගම් සමග විස්තර දෙමළ ජාතික සංධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.
උතුරු නැගෙනහිර පළාත් පොහොට්ටුව අන්ත පරාජයට පත් කරන්නේ ඔවුන් දූෂිත දේශපාලකයින් කරපින්නාගෙන යන නිසා යැයි ද කී මන්ත්‍රීවරයා මේ හෙළිදරවුව කළේය.
මේ තියෙන්නෙ ඔබතුමාගෙ පක්ෂයේ උතුරු නැගෙනහිර ප්‍රධානීන්ගෙ වැලි පර්මිට්. AL-ABT309LR4 පී.සන්ද්රකුමාර්. බැසිල් රාජපක්ෂ ඇමති තුමා ඔහුව දන්නවා. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක.
IML-CHO-N14459 පර්මිට් එක තියෙන්නෙ එතාසිවම් මයුරන්ට. ඔහු තමයි යාලේන්ද්රන් මන්ත්‍රී තුමාගෙ මල්ලි.
ඊලඟට තියනවා පර්මිට් එකක් AL- A-DT1068 ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්. පිලෙයාන්.
මේ පුද්ගලයින් දේශපාලන බලය අරන් මේ විදිහට හැසිරෙනකොට රටට මොකද වෙන්නෙ. මඩකලපුවෙ වැලි ජාවාරම ගැන අපි දිගටම කිව්වා. ඔබතුමාලා ඇහුවෙ නෑ… යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීමට තමන්ට දැක්මක් සහ ප්‍රතිපත්තියක් ඇති බවත් මුදල් ඇමතිවරයා සමග එක්වී සාකච්ඡා කර තම ප්‍රදේශ දියුණු කිරීමට තමන් සූදානම් බවත් කී මන්ත්‍රීවරයා මුදල් ඇමති තුමාට මොළ හතක් තිබෙන බව පවසමින් පවතින ආර්ථික සමාජ අර්බුදය හමුවේ එතුමාව පහසුතාවයට පත් නොකරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටියේය.