බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෑස් නොපෙනන නිවෙස් හිමි කාන්තාව සමග නිවැසියන් පැහැරගෙන ගොස් නිවස මහ රෑ ඩෝසර් කරලා…

ඉමදූව පොලිසිය පරීක්ෂණ අරඹයි...

by editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඉමදුව පැඟිරිහේන ප්‍රදේශයේ  නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් හා  කාන්තාවක් වෑන් රථයකින් පැමිණ පැහැර ගෙන ගොස් එම නිවස ඊයේ (07) රාත්‍රි 12.00ට පමණ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන සම්පුර්ණයෙන් කඩා  ඉවත්කොට ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.

කඩා දැමූ නිවස
ඩෝසර් කර ඉවත් කළ නිවස

ඉඩම්  ආරවුලක් මත  මෙම සිද්ධිය වී ඇති බැව් පොලිස් පරික්ෂණවල දී අනාවරණය වි ඇත.  දහදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා පැමිණ ඇති බවට පොලිසිය සැක කරයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ අඹු සැමි යුවළක් හා නිවෙස්හිමි කාන්තාව පමණි.   එක් කාන්තාවගේ දෑස් නොපෙනන අතර මොවුන් තිදෙනා උණවටුණ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ඔවුහු පවසති.

මෙම සිද්ධිය විස්තරකරමින්  නිවසේ සිටි කාන්තාවක් අප සමග මෙසේ කිවාය.

“මගේ දෑස් පෙන්නේ නැහැ. රාත්‍රී 10.00ය විතර අපි රාත්‍රි ආහාරය අරගෙන නින්දට ගියා. මිස් සහ මම කාමරයේ ඇඳක නිදාගත්තා.  මගේ මහත්තයා මෙට්ටයක් දමාගෙන එළියේ දොරකොඩ නිදාගත්තා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිවෙස් හිමි කාන්තාව

“රාත්‍රි 12.00ට විතර ඇති. දොරට පයින් පාරක් ගැසුවා. මෙන්න බුදු අම්මෝ අපිව මරණවා කියා මගේ මහත්තයා කෑගැසුවා. මගේ ඇස් පෙන්නේ නැහැ මාව මරණ එපා කියලා කියලා මම කිව්වා. පස්සේ අපි තුන්දෙනා වෑන් රථයකට දමාගෙන ගියා. “

“මම දන්නෙ නෑ අරන් ගියෙ කොහෙද කියලා.  මහත්තයා නම් කීවේ උණවටුණ පැත්තට අරගෙන ගියා කියලා. පස්සේ අපි පිලානට රැගෙන ආවා. ඒ සමග ජිප් රථයක්ද ආවා. අපි පිලානේ දමලා වෑන් රථය හා ජිප් රථයෙන් ආපු අය යන්න ගියා. බෑනාට කථාකරගෙන ඇවිත් තමයි ඉමදුව පොලිසියට ගිහින් පැමිණිලි කළේ. “   ඇය කිවාය.  

මෙම සිද්ධියට සම්බන්ද එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය පිළිබද ඉමදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

18- 19 දරුවන්ටත් ෆයිසර් දීම තීන්දුයි… ජනාධිපති කී බව හමුදාපති කියයි!

Next Post

මඩකලපුවේ පොහොට්ටු වැලි හොරුන්ගේ පැටිකිරිය රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.