අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ දේශපාලන අනාගතය රැකුණා… හෙට ඉඳන් මගෙ වෘත්තිය කරන්න උසාවි යනවා…

සනීපාරක්ෂක කම්කරු කමක්වත් කරන්න සුදුසුකම් නැති අය ඇමතිකම් එක්ක රටේ ආණ්ඩු කරනකොට මෙහෙම දේවල් වෙනවා...

by editor
ජනවාරි 4, 2022
in පුවත්
Susil-Premajayantha
Share on FacebookShare on Twitter

ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව තමන් දැනගත්තේ මාධ්‍යයෙන් බවත් හෙට සිට තමන් සිය වෘත්තීය රාජකාරි කිරීම සඳහා උසාවියට යන බවත්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  සුසිල් ප්‍රෙමජයන්ත අද මාධ්‍යයට පැවසුවේය.

මේ ඉවත් කිරීම ඉතාම සුබවාදී ලෙස ගන්නා බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා එය තමන්ගේ ඉදිරි දේශපාලන ජීවිතයට වටිනාකමක් එක් කර ඇති බව කීවේය.

“ මේවා ඉතින් ලොකු දේවල් නෙමෙයි.  මා ඇමතිවරයෙක් වුනේ 2000 අවුරුද්දෙ.  පාර්ලිමේන්තුවට ආපු ගමන්.  ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ මා වැඩ කරලා තියනවා. මට වෘත්තියක් තියනවනෙ. හෙට ඉඳලා එහෙ යනවා…“

මාධ්‍ය ඇසුවේ ඇමතිවරයා ඇමති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ඇමතිවරයා දැනුම්වත් කර ඇති ද කියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“  නෑ… එහෙම දැනුම්වත් කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. අපි ඉවත් කළ බව දැනගන්නෙ මාධ්‍යයෙන් තමයි. ඉවත් කිරීම සඳහා හේතු දක්වන්න අවශ්‍යත් නෑ. විධායක ජනාධිපතිවරයා විදිහට බලය තියනවා ඕන කෙනෙක්ව අයින් කරන්න. ඕන කෙනෙක්ව පත් කරන්න.“

ඉවත් කිරීමට පාදකවන අනුමාන හේතුවත් රාජ්‍ය ඇමතිවරයා කීවේය.

“පෙරේදා මා පොළේ ගියාම ඔබතුමාලගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් මිල ගැන. මිරිස් කිලෝවක් 1200යි කියලා කිව්වා. මම කිව්වා සම්පූර්ණයෙන්ම කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුත් ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමයි අපි කතා කළේ“

මින් පෙරත් ඇමතිවරු, කැබින්ට් ඇමතිවරු පවා රජය විවේචනය කර තිබිනි. එහෙත් ඉවත් කළේ රාජ්‍ය ඇමති සුසිල්ව පමණි.  ඔහු ඒ ගැන දරන්නෙ මෙවැනි අදහසකි.

“මා විශ්වාස කරනවා ඊයෙ කැබිනට් රැස්වීමෙදි මොනවා හරි කතාවෙන්න ඇති කියලා. පාර්ලිමේන්තුව වගකීම් භාර දීලා තියනවනෙ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නෑ අධ්‍යාපනයේ වටිනාකම.“

ඇමතිවරයා තවදුරටත් කීවේ  මේ රට කරවන හැටියට පුදුම විය යුත්තේ තමන් ඇමතිකමින් ඉවත් කිරීම වැනි  තීන්දුවක් නොගත්තා නම් බවය. වෙච්ච දේ තමන්ගේ දේශපාලන අනාගතයට යහපත් බවය.

රටේ වැඩපිළිවෙළ යන හැටියට, ආර්ථික කටයුතු මෙහෙයවන හැටියට, රට යන්නේ කොතැනට ද යන්න පැහැදිලි බවත්,  ජනතාව වෙනුවෙන් කතා කළ නොහැකිනම් ආණ්ඩුවකට නිවැරදි විය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

අනිවාර්යයෙන්ම දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් එන අයුරු කී ඇමතිවයා ප්‍රකාශ කළේ  තමන් දේශපාලනයේ අතපල්ලෙන් වැටී නැති බවය.

කරන්නට බැරි නම් යන්න කී සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමති පට්ටම අහිමි වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර සිසුවෙකුගේ උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් C එක A වෙයි… දිස්ත්‍රික් මට්ටම 68 සිට 12 ට

Next Post

මහනුවර AC ගෑස් ටැංකියක් පුපුරා තරුණයෙක් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.