බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මංගල තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට ප්‍රබල දකුණු අප්‍රිකානුවන් හමුවේ  කුමක් කරනු ඇති ද?

by editor
ඔක්තෝබර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැනටමත් ජාත්‍යාන්තර මාධ්‍ය සිය අනුමානයන් පල කර තිබේ. ජයග්‍රහණය ලැබීමේ සියයට 66ක ප්‍රතිශතයක් ඇත්තේ දකුණු අප්‍රිකාවට බව ඒ පුරෝකථනයන් කියන්නේ. ශ්‍රී ලංකාවට ඇත්තේ සියයට තිස් හතරක ජයග්‍රහණ අවකාශයකි.

තණතීරුව තරමක් තණකොළ සහිතව සකසා ඇත. හතරේ සීමාව සලකුණු කරන දුර කෙටිය.   හෙට දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනට සූදානම් වන්නේ සිය වේග පන්දු බලඇණිය ශක්තිමත් කරගනිමිනි.

ආසියානු කුසලානයේ අවසන් මහා තරගය තෙක් වර්ණවත්ව පැමිණ ආත්මානුකම්පාව උපදවන ලජ්ජාශීලී පරාජයෙන් අනතුරුව බිඳවැටුණු මනෝ භාවයන් යළි ගොඩනගා ගෙන ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වීමේ අභිලාෂය ශ්‍රි ලංකා කණ්ඩායම සතුව ඇතැයි විශ්වාස කරමු.

කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි ඇතුළත් දකුණු අප්‍රිකානු වේග පන්දු  යවන්නන් තරම්   අත්දැකීම් පරාසයකට ඔවුන් විවර වී නැති බව සැබෑය.  පළමු වරට ලෝක කුසලාන තරගාවලියකට එක් වී සිටින කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණ යන ත්‍රිත්ව  වේග ප‍්‍රහාරක බලඇණිය ලෝක කුසලානයට ප්‍රවේශ වෙමින් ලංකාව මුහුණ දෙන මුල්ම තරගයේ අලුත් යමක් සිදුකරනු ඇති බවට ලාංකික ක්‍රීඩා ලෝලීහු අපෙක්ෂා කරති.

ශ්‍රී ලංකා සංචිතයේ අත්දැකීම් බහුලම එක් දින වේග පන්දු යවන්නා කසුන් රාජිතය. ඔහු එක් දින තරග 28ක් ක්‍රිඩා කර තිබේ. 20 හැවිරිදි මතීෂ පතිරණ ක්‍රීඩා කර ඇත්තේ තරග 10කි. දිල්ශාන් මධුශංක ක්‍රීඩා කර ඇත්තේ තරග 06කි. ඔවුන් තුන්දෙනාගේම තරග අත්දැකීම එකතු කළත් රබාඩාගේ අත්දැකීම් වලින් අඩකට අඩුය. රබාඩා ජාත්‍යාන්තර එක් දින තරග 92කට ක්‍රීඩා කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එසේ තිබියදීත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෑත මාසවලදී ප්‍රයෝජනවත් වේග පන්දු   ත්‍රිත්ව බලඇණියක් ගොඩනගා තිබේ.  එමෙන්ම දකුණු අප්‍රිකාව සතුව ඇත්තේ ශක්තිමත් පිතිකරණ පෙළ  ගැස්මකි. මුවවිටට පැමිණ ගිලිහෙන ලෝක ශූරතාවයක අපේක්ෂාව ඔවුන් තුළ ගිගුම් දෙමින් ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට ලෝක කුසලාන තරගයකදී  දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කළේ  1992 වසරේ දී ය.     එහිදී  අර්ජුන රණතුංග නොදැවී ලබාගත් අර්ධ ශතකයත් (64) පන්දු යවා ඔහු දවා ගත් කඩුළු 02ත් හේතුවෙන්    කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එතැන් සිට, දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව අපරාජිතව සිටි අතර ඔවුන්ගේ 2003 තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කළහ.

කෙසේ වෙතත්, තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට  දිදුලන  තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නැත.  ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූයේ මහේෂ් තීක්ෂණ යෝග්‍යතාවයෙන් පසුවනු ඇති බවය. එහෙත් ඔහුටත් සිදුවී ඇත්තේ   පළමු තරගයෙන් ඉවත් වීමටය.

ඔහුගේ පැමිණීම අවම වශයෙන් දින කිහිපයකින් ප්‍රමාද වී තිබේ. දඟ පන්දු ප්‍රහාරය මෙහෙයවීමේ බර   තරුණ දුනිත් වෙල්ලාලගේට දරන්නට සිදුවනු ඇත  මෙය 20-හැවිරිදි තරුණයාගෙන් තරමට වඩා වැඩි විශාල ඉල්ලීමක් බව කිව යුතුය. මෙම තනතීරු දඟ පන්දු යැවීම සඳහා හිතකර පසුබිමක් නිර්මාණය නොකරන පසුබිමක දුනිත් වෙත ලබා දි ඇති වගකීම තවත් තීව්‍ර කරයි.

“ඔහුට   ඉතා හොඳ  බුද්ධියක් තිබේ.    ඔහු පිත්තෙන් හා පන්දුවෙන් දක්‍ෂතා දක්වනාව මෙන්ම ඉතා දක්‍ෂ පන්දු රකින්නක්.   අපි ඔහුට බලපෑම් කරන්න යන්නේ නැහැ. ඔහු කණ්ඩායමේ සිටින බව ඔහු දන්නවා” වෙල්ලාලගේ ගැන ක්‍රස්  සිල්වර්වුඩ් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ    දෙවැනි දඟ පන්දු යවන්නා ධනංජය ද සිල්වා ය.  මෙතෙක් ප්‍රකට නොවූ භූමිකාවක් සහිතව  චරිත් අසලංක දඟ පන්දු යැවීමේ බලඇණියේ  තෙවැනියා ලෙස  තරග වදිනු ඇත.

පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සුපිරි පිතිකරුවන් වන ඩේවිඩ් මිලර් සහ නායක ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩි කොක් සහ හෙන්රිච් ක්ලාසන් වැනි ක්‍රීඩකයින් මේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට   විශාල අභියෝගයක් එල්ල කරනු ඇති බව ජාත්‍යාන්තර විචාරකයන්ගේ අදහසය.

“ක්ලාසන්  මේ මොහොතේ පන්දුවට  පහර දෙමින් ඉන්නේ    ජලය මත ඇවිදිනාවක් බඳු සැහැල්ලුවෙන්,” බවුමා පැවසීය.

“ඔහු පැහැදිලිවම ලොකු ක්‍රීඩකයෙක්. ඔහු වසර ගණනාවක් අපගේ කණ්ඩායමේ කොටසක්.    ඔහුගේ හැකියාව කෙරෙහි කණ්ඩායමට මෙතරම් විශ්වාසයක් සහ ශක්තියක්  ඇත්තේ මන්දැයි ඔහු සැබවින්ම පෙන්වා දී තිබෙනවා.”

“පැහැදිලිවම, ඔහු පැමිණ අපගේ පිතිකරණයේ මැදපෙළ ශක්තිමත් කරනවා.  ඔහුගේ සාර්ථකත්වයට හේතුව මුල් පෙළ පිතිකරණය ගොඩනගන ශක්තිමත් පදනම බව මා සිතනවා.

ඩේවිඩ් [මිලර්], ඒඩ්න් [මාර්ක්‍රම්) ට උනත්  අපි බලාපොරොත්තු වෙන කණ්ඩායමට  ඕන දේ කරන්න පුළුවන්”.

ශ්‍රී ලංකාව හමුවේ ඇති ලොකුම ප්‍රශ්නය ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ මොහොතේ පසුවන ස්වරූපය සහ යෝග්‍යතාවයයි. ඔහු දිගින් දිගටම අසාර්ථකය. මේ දැඩි බිඳවැටීමක් සහිත පසුබෑම කණ්ඩායම් කළමනාකාරිත්වය තුළ දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක්ව ඇත.

බොහෝ දෙනෙක් හදිසි වෙනසකට නොගොස් මේ මොහොතේ ඔහු වෙත නායකත්වයේ වගකීම ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. මේ දීර්ඝ දරාගත නොහැකි පසුබෑම මතදීත්  ඔහුගේ   මංගල ලෝක කුසලානය සඳහා ඔහු කණ්ඩායමේ නායකයා ලෙස පැවතීමට වාසනාවන්ත වූයේය. එහෙත්  දිගින් දිගටම සිය වගකීමේ භාරය ඉටුකිරීම නොහැකි වූ  දක්ෂතා නොදැක්වූ ක්‍රීඩකයෙකුට  නායකයකු  ලෙස  තම ස්ථානය  කොපමණ කාලයක් ආරක්ෂා කරගත හැකි දැයි  විශාල ප්‍රශ්නයකි.

ඒ අතර ශානක අබාධයකට ද ලක් වන්නේය. ඒ   බ්‍රහස්පතින්දා පුහුණුවීම් අතරය.     පන්දුව වැදීමෙන්  තම වම් වැලමිටේ සුළු වේදනාවක් ගැන  ශානක පැමිණිලි කර ඇත.

මේ වනවිට  ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තීක්ෂණගේ නොපැමිණීම තහවුරු කර ඇත.   ශානක සහ කුසල් පෙරේරා යන දෙදෙනාම ක්‍රීඩා කිරීමට සුදුසු බව ඔහු කීවේය.

මේ වනවිට දසුන් ශානකගේ පිතිකරණ සාමාන්‍ය 9.78 කි. ඔහු   මේ වසරේ මාර්තු සිට සේ දක්වා ලබාගෙන ඇත්තේ  ලකුණු 76 ක් පමණි.

ආබාධයකට ලක්ව දසුන් කණ්ඩායමේ නොමැති වුවහොත් කුසල් මෙන්ඩිස් නායකත්වයේ වගකීම දරනු ඇත.  අනතුරුව  ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ගැලපෙන සේ    පිතිකරණ අනුපිළිවෙල සංශෝධනය කිරීමට සිදුවනු ඇත.

දිමුත් කරුණාරත්න පැමිණීමත් සමඟම කුසල් පෙරේරා කණ්ඩායමේ  පාවෙන චරිතයක් රඟපානු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් ශානකගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව සෑහීමකට පත් වී  ඔහු කණ්ඩායමට එක් කිරීමට    කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කළහොත් කරුණාරත්න   කුසල් ජනිත් පෙරේරාට අවස්ථාව විවෘත කරමින් පළමු එකොළොස් දෙනාගෙන් ඉවත් වනු ඇත.

ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම  දිගු කලක් බලා සිටි වෙනස කිරීමට  තරුණ ක්‍රීඩක පෙළක් සමග අභිලාෂ පූර්වකව සිටි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට  වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නොර්ට්ජේ  නොමැත.  ඔහු නොමැති විට ඔවුන් රබාඩා, එන්ගිඩිගේ අත්දැකීම්  සමග 23 හැවිරිදි ජෙරල්ඩ් කොට්සිගේ උද්යෝගිමත් බව බල ගන්වා තිබේ.

කේෂව් මහාරාජ් සහ ටබ්‍රයිස් ෂම්සි වැනි දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සිටීමේ සුපිරි පහසුව ද ඔවුන් සතුව ඇත.

ප්‍රබල පිතිකරණ සහ පන්දු යැවීමේ පෙළගැස්මක් ඇති දකුණු අප්‍රිකාව ඔවුන්ගේ අවස්ථාව සඳහා උපරිමයෙන් සූදානම් වී සිටි.  නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට  ඔවුන්ගේ දිනයේ දී   ඕනෑම කණ්ඩායමක් සමග තරග කණපිට හැරවීමේ හැකියාවක් ඇති බව ලෝකය දන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතේ පත්තු වුනා ද? ජනපති ලෝකයට බොරු කී බව කතෝලික රදගුරු සම්මේලනය කියයි….

Next Post

පකිස්ථාන කණ්ඩායමට ලකුණු 81ක ජයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.