-
පහර දුන් කොස්තාපල් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරයි…
හැටන් බගවන්තලාව පොලිස් ස්ථානයේ භට නිවස්නය තුළ දී පොලිස් කොස්තාපල්ලා දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් මැද එක් පොලිස් කොස්තාපල් කෙනෙක් අනෙකාට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල කර සිදුකර තිබේ.
තුවාලකාර පොලිස් කොස්තාපල් රෝහල්ගත කර ප්‍රහාරය එල්ල කළ පොලිස් කොස්තාපල් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. රිමාන්ඩ් භාරයට පත් වූ පොලිස් කොස්තාපල් වැඩ තහනමකට ද ලක් කර තිබේ.
පහර කෑ පොලිස් නිලධාරියාගේ උදරයට බරපතල තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි. ඔහු නාවලපිටිය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ගනිමින් සිටී.
සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකය.







