දිනසේන රතුගමගේ –
බෝට්ටුවකින් ගොස් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුලු වී එරට සරණාගතභාවය ඉල්ලා සිටි වවුනියාවේ තරුණයෙකුව ආපසු එරටින් පිටුවහල් කිරීමට ඕස්ට්‍රෙලියානු බලධාරීන් ඊයේ ( 17 ) තීරණය කොට තිබේ.
වවුනියාවේ සිට පලා ගිය 26 හැවිරිදි ඇන්ටන් රාජා නැමති මෙම තරුණයා ඕස්ට්‍රෙලියානු බලධාරීන්ට ප්‍රකාශ කොට ඇත්තේ තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී තිබෙන බවය. එබැවින් ජිවිත ආරක්ෂාව පතා මේ ආකාරයෙන් අනවසර සංක්‍රමණයක යෙදුන බවය.
නමුත් ඔහු ගැන එරට බලධාරීන් සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඔහු වවුනියාවේ සිට රජයට එරෙහිව විරෝධතා රැසක් දියත් කළ එක් දෙමළ දේශපාලන පක්ෂයක ක්‍රියාධරයෙක් පමණක් බවය.
ඔහුට එහෙරව වෙනත් කිසිදු විශේෂ තර්ජනයක් හෝ ජිවිත අවදානමක් නැති බව ද ඔස්ට්‍රේලියානු විමර්ශකයින් තහවුරු කරගෙන ඇත.
ඒ අනුව ඔහුව මෙ මස 23 වෙනිදා යළි ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඕස්ට්‍රෙලියානු රජය තීරණය කොට ඒ බව ශ්‍රී ලංකා රජයට හා තරුණයාගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.
එතෙක් ඔහුව ඕස්ට්‍රෙලියානු සරණාගත කඳවුරක දැඩි රැකවල් මත රඳවා තැබීමටද පියවර ගෙන ඇත.
මේ පුද්ගලයා මීගමුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙවා බෝට්ටුවක ආධාරයෙන් ඕස්ට්‍රෙලියාවට පලා ගිය බවට ඔහු එහි සිට පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බව වවුනියාවේ සිටින ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කොට තිබේ.
පොලීසිය එම පවුලේ සාමාජිකයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.







