බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට පල්ලියෙන් එල්ලවන චෝදනාවලින් ගැලවීම සඳහා මුල් විමර්ශන පවත්වන ලද නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විමර්ශන පවත්වා වැඩ තහනම් කිරීමට කෙරෙන උත්සාහයක් සම්බන්ධව පොලිස් මූලස්ථාන තොරතුරු හෙළිදරව් කරයි.
නාරාහේන්පිට රෝහල් බෝම්බය මෙන්ම සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බය සම්බන්ධයෙන් කළ විමර්ශන සියල්ලක්ම අධික්ෂණයකර ඇත්තේ එකම නිලධාරියෙක් බවත් එම නිලධාරියාගේ උපදෙසින් පහළ නිලධාරීන් විමර්ශන පවත්වා ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
පල්ලියේ බෝම්බය සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශනයක් නොපවත්වා තොරතුරුකරු සැකකරු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ දැඩි දෝෂාරෝපනයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ලක්ව ඇති බව කියවේ.
මේ සම්බන්ධව ඉහළ දේශපාලන අධිකාරියෙන් පොලිස්පති ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ට දොස් එල්ලවී තිබේ.