ශ්‍රියානි විජේසිංහ –
අත්‍යවශ්‍ය ඖෂධ පමණක් රෝගීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංයේ අවදානය යොමුව ඇතැයි වාර්තාවේ.
මේ අනුව රෝගීන්ට ඖෂධ අනුමත කිරීමේදී අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ලබා දීම කෙරෙහි විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධාන යොමුකරවීම සඳහා විශේෂඥ වෛද්‍යරුන් සමග ඉදිරි සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.
හදිසි මිලදී ගැනීම් නතර කිරීමත් සමඟ ඉදිරියේදී රෝහල්වල ඇතිවිය හැකි උග්‍ර ඖෂධ හිඟයට පිළියමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවේය.
ඖෂධ සැපයුම්කරුවන්ට කෝටි ගණනක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බැවින් ඔවුන් මේ වන විට ඖෂධ සැපයීම නතර කර ඇති බවත් හදිසි මිලදී ගැනීම්ද නතර කර ඇති බැවින් ඉදිරියේදී උග්‍ර ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවීම අනිවාර්යය බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.