ශ්‍රියානි විජේසිංහ –
ඖෂධ මිල පාලනය කිරිම සදහා පළමු වටයේ සාකච්ඡා අද (0්1) සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීප අවස්ථාවදීම කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වීමට සෞඛ්‍ය ලේකම්වරයා වෛද්‍ය සංගම් කීපයකට ආරාධනා කර තිබේ.
මෙහිදී රෝගී ජනතාව වැඩි වශයෙන් භාවිත කරන ඖෂධයන් මොනවාද යන්න හදුනාගෙන ඒවායේ මිල පමණක් හෝ පළමු වටයේදී පාලනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.
මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව තුළදී රෝගී ජනතාව වැඩිවශයෙන් භාවිත කරන ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමටත් ඒවායේ මිල ජනතාවට දැරිය හැකි පරිදි අවම කිරීමටත් යෝජනාවන් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.