සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ  තැනින් තැනින් ඇහෙන කතා!   

by editor
ජනවාරි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය  සම්බන්ධීකරණය කළ බව කියන පුද්ගලයාව  ඊයේ (23) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.  ඔහුගෙන් ලබා ගත් තොරතුරු මත වෙඩික්කරුවන් පැමිණි සුඛෝපභෝගී ජිප් රථය ගාල්ල චීනකොරටුව   විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ   තිබී සොයාගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු අපරාධ ඉතිහාසයක් සහිත පුද්ගලයෙකි.  ඔහු හත් වසරක් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකි. මේ වනවිට අදාල ප්‍රහාරය සම්බන්ධ සියලුම තොරතුරු ක්‍රමයෙන් එම පුද්ගලයාගෙන් ලබා ගනිමින් සිටින බව විමර්ශන අංශ කියයි.

කඹුරුපිටියෙන් බසයෙන් බැස්ස ඝාතකයෙක්…

මේ වනවිට විමර්ශන අංශවල වැඩි අවධානය යොමු වී ඇත්තේ ඝාතකයන් පැමිණි ජිප් රථයෙන් බැස  ඉතාම සන්සුන්ව  ජිප් රථයේ ඉදිරි අසුනෙන්  බැස මාර්ගය දිගේ ඇවිදගෙන යන සාමාන්‍ය ඇඳුමින් සැරසුන පුද්ගලයා වෙතය.    ඔහු මාතර බලා යන මගී බස් රථයකට ගොඩවී වී ඇති අතර  ජිප් රථය කඹුරුපිටිය නගරය පසුකර ගමන්කර තිබේ.

මාතර බස් රථයට ගොඩවුණු වෙඩික්කරු බස් රථයෙන් බසින ලද්දේ කුමන ප්‍රදේශයකදීදැයි සොයා ද මේ වන විට විමර්ශනයක් ආරම්භකර තිබේ.

ආරක්ෂක කැමරා මගින් හඳුනාගත් කඹුරුපිටියෙන් බැස මාතර බස් රථයට ගොඩ වූ පුද්ගලයාගේ රුව කඹුරුපිටිය නගරයේ ඇති ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබී ඇත. ඒ ඔස්සේ ඔහුගේ මුහුණේ තරමක් පැහැදිලි ඡායාරූපයක්ද මතුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව විමර්ශන අංශ කියයි. එම ඡායාරූපය ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (AFRS) වෙත මේ වන විටත් යොමුකර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජිප් රථයේ ගමන් මඟද මේ වන විට ආරක්ෂක කැමරා 100කට වැඩි ප්‍රමාණයක් පිරික්සමින් සොයා බලමින් ඇත.  හඳුනාගෙන ඇති ආකාරයට අනුව වෙඩික්කරුවන් පැමිණි වාහනයේ සටහන්ව තිබී ඇති 65-2615 අංකය එම වාහනයේ සැබෑ අංකය   නොවේ. එය  වෙනත් වාහනයක අංකයකි.

ඝාතනය මෙහෙයවූ බව කියන සූජීගේ කල්ලිය

මෙම පස් පුද්ගල ඝාතනය මෙහෙයවා ඇත්තේ ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ  කොස්ගොඩ සුජී බව දැන් හෙළි වී ඇත. කුළී ඝාතකයන් පිරිසක් යොදා ඔහු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙන බවට සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් තිබේ.

කොස්ගොඩ සුජී  කුලී ඝාතකයන් ප්‍රමාණයක් හසුරුවන්නෙකි. ඔහුගේ ඝාතකයින් අතර හමුදාවලින් පළාගිය පිරිස්ද එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවෝද   වෙති. මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ ගිනි අවි හුරු පුද්ගලයින් බව විමර්ශකයෝ පැහැදිලි කරති. උණ්ඩ නාස්ති කර නැත.  එවැනි ඉලක්ක ලබා ගත හැක්කේ  මනාවට ගිනි අවි පුහුණුව ලැබූවන්ට පමණි.    විමර්ශන අංශ පවසන්නේ දැනට හෙළි වී ඇති ආකාරයට  වෙඩික්කරුවන් අතර යුද හමුදා සෙබලෙක් වේ.

වෙඩික්කරුවන් ගමන් ගත්   ජිප් රථය වෙඩි ප්‍රහාරයෙන් පසු පළාගියේ කඹුරුපිටිය නගරය ඔස්සේය.   රථය මෙම ප්‍රහාරයට සූදානමින් වෙඩික්කරුවන්ද රැගෙන පැමිණ ඇත්තේ කඹුරුපිටිය දෙස සිට බව  නිරීක්ෂණය වි ඇත. මේ වනවිට ඔවුන් ගමන් ගත් මාර්ගය හඳුනාගෙන ඇති බැවින් දුරකථන ජලා විශ්ලේෂණ කටයුතු පහසු වී තිබේ.

Beliatta
වෙඩික්කරුවන් ගමන් ගත් ජිප් රථය

ඉලක්කය ලබා ගැනීම

රෝයල් බීච් සමන් ඇතුලු කණ්ඩායම පැමිණෙන වාහනය, පැමිණෙන වෙලාව සම්බන්ධ සියලුම තොරතුරු ඝාතකයන් වෙත නියමිත පරිදි ලැබෙමින් තිබී ඇති බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

එම තොරතුරු ප්‍රකාරව    වෙඩික්කරුවන් සිය ඉලක්කය ලබාගැනීමට අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුව ආසන්නයේ බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිට තිබේ.

Beleatta
සමන් ඇතුළු කණ්ඩායම පැමිනි රථය…

පස් දෙනා ඝාතනය වන්නේ ඔවුන් උදේ ආහාරය ගැනීම සඳහා බෙලිඅත්ත අන්තර් හුවමාරුව ඔවුන් පැමිණි ඩිෆෙන්ඩර් රථය නතර කළ අවස්ථාවේ දී ය.

සිද්දිය පිළිබඳ විමර්ශන කණ්ඩායම් 06ක් පරීක්ෂණ පවත්වයි. මේ ඝාතන සිදුවන්නේ රට තුළ පාතාල සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහාම දැවැන්ත මෙහෙයුමක් යන බව පවසන අවස්ථාවක දී ය.  එහෙත් මේ ප්‍රචාරාත්මක මහෙයුම් පාතාලයේ සැබෑ ක්‍රියාකාරිත්වය අඩ පණ කිරීමට සමත් වී නැති බව යළි යළිත් පෙනේ.  පසුගිය මාසයේ 17 වැනිදා සිට මේ දක්වා පාතාල ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ස්වරූපය වෙනස් වී නැත. තවමත්  දෙමටගොඩ ගුබ්බෑයකමකින් පෙර මිලටත් වඩා අඩුවට කුඩු පැකට් එකක් මිල දී ගත හැකිය.

පාරේ යන උන් අල්ලාගෙන ඇවිත් ටාගර්ගට් කවර් කර හිර ගෙවල් පිරෙව්වාට වැඩක් නැත.  ඉතා කණගාටුවෙන් රටට කිව යුතු වන්නේ අප තවමත් මේ අපරාධ මර්ධනය කිරීම සඳහා වූ විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත නිවැරදි මානයන් ස්ඵර්ෂ කර නැති බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්ද සෙවනපිටියේ දී වන අලි ප්‍රහාරයකට ලක්ව වෙළෙන්දෙක් මරුට…

Next Post

සුනඛ සිවුරු රඳවනය යලිත් රිමාන්ඩ්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.