තමන් සේවයෙන් විශ්‍රාම යන්නට වුවත් සූදානම් බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (20) මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළේය.
ඔහු කීවේ මේ රාජ්‍ය සේවයේ රැඳී සිටීම තවදුරටත් පලක් නොමැති බවය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් නිලධාරීන් සිදුකරන්නේ පහසු පරිපාලනයක් බවත් ඔවුනගේ පරිපාලනය සිදුවන්නේ කටහඬේ බලයට බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ දෙසීයක් තුන්සීයක් එකතු වෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. හැබැයි ඉතිරි එකොළොස් දාහනේ දහ දාස් හත්සීයක් නිහඬව වගේ හිටියොත් අර 300 හඬ තමයි ප්‍රබල. “
“ ඒ තත්ත්වයෙන් තින්දු තීරණ ගන්නේ ඒ මට්ටමින්. හැබැයි මම නම් එකක් කියනවා. මම විශ්‍රාම යන්න උනත් ලෑස්තියි. මගෙ විශ්‍රාම වයස දැන් 55 ලබලා තියෙන්නේ. මට අවුරුදු 28ක සේවා කාලයක් තියනවා. මේ රාජ්‍ය සේවයේ ඉඳීමේ හරයක් නෑ. මොකද රට ආරාජිකයි. රටේ සිවිල් පරිපාලනය බල්ලට ගිහිල්ලා. බලධාරීන් ඉන්නේ පහසු පරිපාලනයට. “
“ ඒ ක්‍රමය යටතේ මොකටද පැමිණිලි. ඩොක්ටර් බෙල්ලනට ට්‍රාන්සර් එකක් දුනන්ම වැඩේ ඉවරයි කියලා හිතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිස් බහුතරයක් ඉන්නවා. ඒ මගෙත් එක්ක තියන තරහකට නෙමෙයි. පහසු පරිපාලනයට.”
මේ රටේ මෙච්චරකල් වුනේ, කරාපිටිය රෝහලේ වුනේ, මහරගම පිළිකා රෝහලේ පරිපාලන නිලධාරිනියකට වුනේ ගුටිකන්න. කනිෂ්ඨ කාර්ය මණන්ඩලය කියනවා. සුලු සේවකයො කියනවා.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනුවෙන් තමන් විශාල සේවයක් කළ බවත්, ඔවුන් වෙනුවෙන් විශාල මහන්සියක් දැරූ බවත් කියන විශේෂඥ වෛද්‍ය බෙල්ලන
මා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනුවෙන් තමයි විශාල සේවයක් කරලා තියෙන්නේ. කුඩු ප්‍රශ්නයෙන් ඔවුන්ව බේරගන්න මම උත්සාහ කළා. අපේ ගෑනු ළමයින්ව ආරක්ෂා කරන්න මා කටයුතු කළා. මම වංචා හා දූෂණ කරලා නෑ. ස්ත්‍රී සහ අයථා කටයුතු කරලා නෑ. ඔවුන්ගෙ කෑම ටික පවා පිරිසිදුව සහ වැදගත් විදිහට දෙන්න කටයුතු කළේ මම. හැබැයි උදව්වක් කළත් කළගුණ දත් අයටයි උදව්ව කරන්න ඕන. නමුත් මම කුහක චාරයක් නැති පිරිසකට තමයි මෙච්චර කල් උදව් කළේ. මින් ඉදිරියට මගේ කටයුතු කෙරෙන්නේ වෛද්‍යවරුන් එක්ක විතරයි. වෛද්‍යවරුන්ගේ සංගමය මාත් එක්ක එතරම් හොඳ නැතිව හිටියේ. නමුත් ඔවුන් විතරයි මට වචනයකින්වත් උදව්වක් කරන්නේ. ඒකට තමයි කියන්නෙ වැදගත් චාරය කියලා.
මගේ සහායට ඉන්න පිරිස් කියන්නේ එක දෙයයි. ඔය මිනිස්සු කියන දේ ගණන් ගන්න එපා…කුම්බලා මාළු කෑවානම් විඳෝපන් බෙල්ලෝ කියලා…