අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්ස බන්ධනාගාරයෙ පොඩි ලැසීගෙ කුටියෙන් කිලෝ පහක මේක්අප් සෙට් එකක්

by editor
ඔක්තෝබර් 17, 2020
in පුවත්
Podi-Lesi

පොඩි ලැසී ගාල්ල උසාවියට පැමිණෙන අයුරු

Share on FacebookShare on Twitter
  • උසාවි එන්නෙ මේකප් දාගෙන නලුවෙක් වගේ හැඩ වෙලා…
  • ටී.වී රූපවාහිනී කැමරාවලට ලස්සනට මූණ පේන්න කොණ්ඩෙ රැවුල සකසලා
  • සුදු ඇඳුම ඇඳන් සුදු සපත්තු දාගෙන බන්ධනාගාර රථයෙන් බහින්නෙ ඉන්දියානු නළුවෙක් වගේ..

ඇප ලැබුණු පොඩි ලැසී රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යෑම සඳහා බූස්ස බන්ධනාගාරයට ගිය නිලධාරීන්ට   කිලෝ පහකට ආසන්න බරකින් යුතු රූප ලාවන්‍ය උපකරණ පෙට්ටියක් ඔහුගේ කුටිය තුළ තිබී හමු වී ඇත.
උසාවියට පැමිණෙන දවසට මනා ලෙස සැරසී, රැවුල් කොණ්ඩ සකසා, මේකප් කර, සුදු ඇඳුමක් ඇඳගෙන සුදු සපත්තු දෙකක් දමාගෙන,  ඉන්දියානු නළුවෙක් සේ පෙනී සිටීම ඔහුගේ පුරුද්දක් වී තිබිණි. ඒ රූපවාහිනී හා පුවත් පත් වාර්තා කරුවන්ගේ කැමරාවලට වඩාත් පැහැපත්ව නිරාවරණය වීම සඳහාය.
ඊයේ (16) ඔහු  වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන් වලලියද්ද ප්‍රමුඛ නීතිඥ පිරිසක් පෙනී සිටියහ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරීස්   ඇප දීමට දැඩි විරෝධය පළ කළේය. මෙම සැකකරු හා තවත් අපරාධකරුවන් 11 දෙනකු එක්වී තම සහචරයන් ද යොදා ගෙන සුවිශේෂී ඝාතන කුමන්ත‍්‍රණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද දිලීප පිරිස්   අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කළේය.
එස්.ටී.එෆ්. ලොක්කා ඇතුළු එස්. ටී. එෆ්. නිලධාරින්ට අත් බෝම්බ ගසා මරාගෙන මැරිය යුතු බවත් එවිට තමන් ඉතිහාසගත වන බවත් මෙම සැකකරු විසින් ප‍්‍රකාශ කර ඇති බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. පාතාලය සුරතල් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව ද මෙකී සැකකරුට එරෙහිව මිනීමැරුම් ඇතුළු නඩු ගණනාවක් ගාල්ල හා බලපිටිය, කොළඹ යන අධිකරණවල විභාග වෙමින් පවතින බව ද පැවසීය.
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට මරණීය තර්ජනය කර ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවත් මෙය සුළුවෙන් සැලකිය යුතු කාරණයක් නොවන බවත් සඳහන් කළ දිලීප පීරිස්   මෙය අතිශය බරපතළ තත්ත්වයක් බව කීවේ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් ඉන්නේ අවුරුදු 05ක් නිසා බැවින් ඉන් පසු බලා ගන්නම් කියා තිබෙන නිසා යැයි   අධිකරණය ඉදිරියේ සඳහන් කරමිනි. මෙවන් අපරාධ කරුවන් නිදහසේ ඉඳීම නිසා පොට්ට නවුෆර් වැනි අපරාධකරුවන් අතින් සරත් අඹේපිටිය නිසුරුවරයා   ඝාතනය වූ ඉතිතහාසයක් ඇති බව දිලීප පීරිස් තව දුරටත් කීවේය.
විත්තිකාර ‘පොඩි ලැසී’ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද  සඳහන් කළේ පොට්ට නවුෆර් වෙනුවෙනුත් අධිකරණයේ පෙනී සිටියේ තමා බවය.  මෙය තර්ජනය කිරීමක් හා රාජකාරිය බාධා කිරීමක් නිසා ඇප ලබාදිය හැකි බවයි. බී වාර්තාවේ කොතනකවත් ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණීය තර්ජනය කළ බවක් සඳහන් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම නඩුවට අදාළව ඇප ලබා නොදීමට කිසිදු හේතුවක් නොමැති බවත් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.
සැකකරුට එරෙහිව මෙම නඩුවේ තිබෙන්නේ චෝදනා 02ක් බව සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා එය තර්ජනයක් හා රාජකාරියට බාධා කිරීමක් බව ද පැවසීය. මොහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවත් මොහුගේ ජීවිතයට යම් තර්ජනයක් වුවහොත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය භාරගත යුතු බව ජනාධිපති නීතිඥ ටිරාන් වලලියද්ද   අධිකරණය ඉදිරියේ සඳහන් කළේය.
ඒ අනුව පොඩි ලැසීට ඇප ලැබුණේය. ලක්ෂ දහයක ශරීර ඇප 4ක් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්, විදෙස් ගමන් තහනමක්, සහ රැඳවුම් නියෝග අවසන් වූ පසු සෑම මසකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කලින් අයදුම් කළ රැඳවුම් නියෝග යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබිණි.
මේ වනවිට ඔහු සම්බන්ධ විවිධ විමර්ශන කටයුතු පවත්බවාගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

උයන්පල්ලෙක් ගලවා දුන් හදතක් බද්ධ කළ ලොව පළමු හදවත් සැත්කම

Next Post

ආණ්ඩුවට සහාය දුන්නා නම් බදියුදීන්ට මේ ප්‍රශ්න නෑ… අනුශාසක මවුලවිවරු විරෝධය අරඹති …

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.