දිනසේන රතුගමගේ –
තම බිරියට පහර දී වයස අවුරුදු දහතුනක සිය දියණිය දූෂණය කළ බව කියන වවුනියාව පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුව අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (27) මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචි වවුනියාව පොලීසියේ සේවය කරන අවුරුදු 38 ක පොලිස් කොස්තාපල්වරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ බිරිය අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අදාල පොලිස් කොස්තාපල්වරයාව අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සිද්ධිය බිරිය විසින් වසං කිරීමට තැත් කරන බවට පොලිසියට ලැබී ඇති තොරතුරක් මත පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
සැකකටයුතු පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුරය අධිකරණය වෙත ඉදිරිපත් කොට රැදවුම් නියෝගයක් ලබාගෙන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුරය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.