බදුල්ල ධර්මදූත විද්‍යාලය හා බදුල්ල ඌව මහ විද්‍යාලය අතර පැවැත් වුන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය ට පැමිනි කැබ් රථයක් රථ පෙලපාලිය අවසානයේ දී සිද්ධ වූ අනතුරකින් ධර්මදූත විද්‍යාලයේ ශිෂ්‍යයින් දෙදෙනක් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඔවුන් පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් බව වාර්තා වේ.
අද (01) උදෑසන 11ට පමණ ගමන් ගත් වාහනය පෙරළි සිදුවූ මෙම අනතුරින් තවත් සිසුන් තිදෙනෙක් බරපතල තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
රථ පෙළපාළිය අවසන්වීමෙන් පසුව අසල තවත් ක්‍රීඩාංගණයකට ගොස් වාහනය හරඹ කිරීමට යෑමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ.
බිග් මැච් අතරතුර රථ පෙලපාලියේදි සිදුවු අවාසනාවන්ත අනතුරකින් ධර්මදූත විදුහලේ ළමුන් දෙදෙනෙකු මිය ගිය බව ධරමදූත විද්‍යාලයේ ආදි ක්‍රීඩා සංගමය සිය ෆේස් බුක් පිටුවේ ප්‍රකාශ කර ඇත.