පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඊයේ (13) කොළඹදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමු වී තිබේ.
මහ කොමසාරිස්වරයා සහ බැසිල් රාජපක්ෂ ද්විපාර්ශ්වික සබඳතා, නව දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් විෂයයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ගෝඨාභය රජපක්ෂ රජය බිඳවැටිමත් සමග සිය රට බලා ගිය ගෝඨාභය රාජපක්ෂ 2024 මාර්තු 05 වැනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
එළඹෙන මැතිවරණයේ දී පොදුජන එකසත් පෙරමුණු සංවිධාන කටයුතු කිරීම සඳහා ඔහු ලංකාවට පැමැණ තිබේ.