අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බැසිල් – මිලින්ද තනතුරුවලින් වහාම ඉවත් කරන්න”

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ද්විත්ව පුරවැසියන් රජයේ ඉහළ තනතුරුවලට පත් නොකරන බවට ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දුව ඉටු කරමින් මහජනතාව අතර ජනාධිපතිවරයා පිළිබඳව ඉදිරි කාලය තුළවත් විශ්වාසයක් තබන ලෙසත් ඒ අනුව බැසිල් රාජපක්ෂ සහ මිලින්ද මොරගොඩ යන මහත්වරුන් දරන නතුරුවලින් ඉවත් කරන ලෙසත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නිදහස් දිනය දා කළ ජාතිය අමතා කළ කතතාවට ප්‍රතිචාර දක්වමින් ලිපියක් ලියන මෙම පෙරමුණ තවදුරටත් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට ජනතාව අතර විශ්වාසය යළි තහවුරු කිරීමට නම් තම වුලේ සාමාජිකයන්ට ලබා දී තිබෙන කැබිනට් අමාත්‍යංශ සෙසු මහජන නියෝජිතයන්ට ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

රටේ ඉදිරි ගමනට මහජනතාවගේ සහබාගීත්වය යොමු කරවනු පිණිස යන හිසින් යුතුව ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

2022.02.09
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති කාර්යාලය
ගාලු මුවදොර,
කොළඹ 01.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අතිගරු ජනාධිපතිතුමනි,

රටේ ඉදිරි ගමනට ජනතා සහභාගිත්වය යොමු කරවනු පිණිස

74 වන නිදහස් දින සමරුවේ දී ඔබතුමන් කළ කතාවට සාවධානව ඇහුම්කන් දුන් අපට පැහැදිලි වූයේ ඔබතුමන්ට මේ වන විට බිමේ යථාර්ථය යම් පමණකට හෝ පසක් වී ඇති බවයි. විශේෂයෙන්ම ඔබතුමන්ට සුපුරුදු, “ඔබට කළ හැකි බවත් – ඔබ කළ බවත්” පැවසීමෙන් මිදී රටේ ඉදිරි ගමනට ජනතා සහභාගිත්වය ලබාගැනීමේ වටිනාකම ප්‍රකාශ කිරීමට පෙළඹීම මගින් ඒ් බව සනාථ වේ.

නමුත් ජනාධිපතිතුමනි, කණගාටුවෙන් හෝ ප්‍රකාශකර සිටීමට සිදු වන්නේ මේ වන විට බහුතර ජනතාව ඔබතුමන් ගේ වචනය කෙරෙහි තවදුරටත් කිසිදු විශ්වාසයක් නොදරන බව යි. ජනතාව පමණක් නොව රජයේ මැති ඇමැතිවරු ද, ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු බොහෝ දෙනෙකු ඒ මුලදී ඔබට ලබාදුන් වටිනාකම, ඔබ නැති තැන දී ඔබට ලබා නොදෙන බව දැකිය හැකි වේ. 2019 ජනාධිපතිවරණයේදී ලද උත්කෘෂ්ට ජයග්‍රහණයට හේතුව ඔබතුමන් කෙරෙහි ජනතාව ඇතිකරගත් බලාපොරොත්තුවයි. ඉන් අනතුරුව රුවන්වැලි සෑ මළුවේ දිවුරුම් දීම මහනුවර මඟුල් මඩුවේදී අභිනව අමාත්‍යවරු පත් කිරීම, සුදුස්සන්ට සුදුසු තැන දෙන බැව් පැවසීම සහ තමුන්ගේ පින්තූර ප්‍රදර්ශනය නොකරන ලෙස පැවසීම ආදී විවිධ රංගනයන් හේතුවෙන් ජනතාවගේ බලාපොරොත්තු තව තවත් ඉහළ නැංවිනි. එහෙත් පසුව සිදුකළ කටයුතුවලදී ජනතා සහභාගිත්වය පිළිබඳවත් ජනතාව සමග සාකච්ඡාව පිළිබඳවත් වැඩි උනන්දුවක් නොමැති ව කටයුතු කිරීම, ජනතා හඬට ඇහුම්කන් නොදීම, විවිධ අමනෝඥ තීරණ ගැනීම යනාදිය හේතුවෙන් ජනතා බලාපොරොත්තු මුළුමනින් ම කඩාවැටීමට හේතුවිය. ඒ කතාව සහ ක්‍රියාව අතර වූ විශාල වෙනස නිසා ඔබ කෙරෙහි වූ විශ්වාසය මෙතරම් පලදු වී තිබේ. එපමණක් නොව මුලු රටම අද ප්‍රපාතයට ඉතා වේගයෙන් ඇදවැටෙමින් තිබේ. දැන් දැන් විශ්වාසය බිඳ වැටීමේ තරම නිසා සුදුසුකම් ඇති පුද්ගලයන් ආණ්ඩුවේ තනතුරු පිළි නොගැනීමටත්, තවත් සමහරුන් තනතුරු අත්හැර යෑමටත් පටන් ගෙන ඇති බව ද දැකිය හැකි වේ.

අද පවතින තත්ත්වයට පැමිණීමට හේතු වඩා විස්තරාත්මකව දැක්විය හැකි වුවත් ගත් වැරදි තීරණ සහ සිදුකළ වැරදි ක්‍රියා පැහැදිලි කළ හැකි වුවත්, ඔබතුමාගේ නිදහස් දින කතාවේදී විවේචන නොව විසඳුම් විමසා සිටි නිසා ජනතා විශ්වාසය යම් ප්‍රමාණයකට හෝ නැවත ලබාගෙන සාර්ථකත්වයක් කරා යාමට උත්සාහ දැරීමට ගතයුතු මූලික පියවර මෙලෙස සටහන් කරමු.

1. ඔබතුමන් කෙරෙහි ඉහළම ජනතා අප්‍රසාදය ඇතිවූ මුල්ම හේතුව වන්නේ 20 වන සංශෝධනය ගෙන ඒමත් එය ගෙන ආ ආකාරයත් ය. මේ කැලල මකා ගැනීමට නොහැකි වුවත් යම් ප්‍රමාණයකින් හෝ නැවත පිළිසකර කර ගැනීමට ක්‍රමවේදයක් තිබේ. එම අවස්ථාවේ ඔබතුමන් වැඩිකල් නොයවාම ද්විත්ව පුරවැසියන්ට මැති ඇමති ධූර දැරීමේ අවස්ථා අවුරණ බව පැවසුවත් ජනතාව ඒ පොරොන්දු වෙන මොහොතේ දී පවා එය බොරුවකියි විශ්වාස කළේය. එහෙයින් පසුවන දිනක් පාසා ඒ බොරුව තහවුරු වෙමින් පවතී. මෙම කරුණ ව්‍යවස්ථාවට එක් කිරීම විධායකය ලෙස ඔබතුමාට කළ හැකි කරුණක් නොවුනත් අමාත්‍යවරු පත් කිරීමේ දී ද, උසස් තනතුරු සඳහා රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේ දී ද ද්විත්ව පුරවැසියන් සඳහා අවස්ථාව ලබා නොදීමෙන් මෙන්ම දැනට සිටින ද්විත්ව පුරවැසියන් එම තනතුරුවලින් ඉවත් කිරීමෙන් තමා තමාගේ වචනයේ පිහිටා සිටින බව පෙන්වා සිටිය යුතුය. එහි මූලික පියවර ලෙස බැසිල් රාජපක්ෂ මහතාද, මිලින්ද මොරගොඩ මහතාද එම තනතුරු වලින් ඉවත් කිරීමට යෝජනා කරමු. වෙනත් හේතු මත නොව ද්විත්ව පුරවැසිභාවය මත ඔබතුමා ජනතාවට වූ පොරොන්දුව හේතුවෙන් බව පවසා එය සිදු කළ යුතුය.

2. අසුභවාදීන් රට වෙනස් නොකරන බවත් ඔවුන් සමග ගමනක් නැතිබවත් ඔබතුමා පැවසීය. විවේචන පිළිබඳ තදබල විවේචනයක්ද ඔබතුමා එහිදී ගෙන ආවේය. ධනාත්මක ලෙස ලෝකය දෙස බැලීමත් එහි වටිනාකමත් පවසන ඔබතුමා ඔබවටා රැස්ව සිටින එහෙයියන් ධනාත්මක චින්තනයකින් පෝෂණය වූවන් ලෙස වරදවා වටහා ගැනීමෙන් වැලකිය යුතු යැයි අපි තරයේ කියා සිටිමු. ඔවුන් සර්ව ශුභවාදීන් වනුයේ ඔවුනගේ වාසියට මිස වෙනයමකට නොවේ. විසඳුම් සෙවීමට මෙන්ම සොයාගත් විසඳුම් වලද පවතින දුර්වලතා හඳුනාගැනීම සඳහා අර්ථකාරී විවේචන අත්‍යවශ්‍යවේ. ඔබතුමන්ගේ තීරණ පසසමින් ඊට අනුබල දෙමින්, ඔබතුමා තව ටිකක් සැර වූවා නම් හොඳය, ඔබතුමා සැර මදිය යනාදී වශයෙන් විවිධ චාටු කතා කියමින් කටයුතු කරන අයවලුන්ට වඩා අවංක විවේචකයන් වටිනා බව ඔබතුමාට වැටහෙන විට ප්‍රමාද වැඩිවිය හැක. එහෙයින් එය ඉක්මනින් තේරුම්ගෙන අවංක අර්ථකාරී විවේචන සැබෑ ධනාත්මක පුද්ගලයින්ගේ ස්වරූපයක් බැව් වටහාගෙන ඒ සඳහා ඇහුම්කන්දීමත්, වන්දිබට්ටයන් සහ ධනාත්මක පුද්ගලයින් වෙන්කොටහඳුනා ගැනීමටත් කටයුතු කිරීමට ද අපි ඔබතුමන්ට යෝජනා කරමු.

3. මේ මොහොතේ ජනතාවගේ සහභාගීත්වයෙහි අවශ්‍යතාව ඔබතුමන් පැහැදිළිව පෙන්වා සිටී. ඒ සම්බන්ධයෙන් අපි පූර්ණව එකඟ වෙමු. එහෙත් එම ප්‍රකාශයෙහි නිවැරදි බව ‍රටේ මහජනතාවට දැනුනත් ඔබතුමා එය හදවතින්ම පවසන බව හැඟීමට නම් එය ක්‍රියාවෙන් පෙන්විය යුතුය. ජනතාව විශ්වාස කිරීමට පෙර ජනතාවගේ සහභාගීත්වය ගැනීමට පෙර ඔබතුමන්ගේ ආණ්ඩුවේ සෙස්සන්ගේ සහභාගීත්වයෙහි අවශ්‍යතාවයවත් පෙන්වා සිටිය යුතුය. රටේ අමාත්‍යාංශ වැඩි ප්‍රමාණයක් තමුන්ගේ පවුලේ උදවිය අතරම තබාගෙන සිටිනවා වෙනුවට “පවුලේ කැබිනට් මණ්ඩලය – අඩු තරමින්අදාල දේශපාලන ධාරාවේ කැබිනට් මණ්ඩලය බවටවත් පත්කිරීමට” කටයුතු කළ යුතුය. ඒ් මගින් අද පවතින ප්‍රශ්න විසදිය හැකි වෙතැයි විශ්වාසයක් ඇති නොවන නමුත් අන් අයගේ සහභාගීත්වය ලබාගැනීම පිළිබද ආදර්ශයක් දීමට ඒවැනි පියවරක් හේතු වනු ඇත.

4. ඔබතුමන් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමේ වුවමනාවක් තදින් පෙන්නුම් කිරීමේ යම් අලංකාරයක් ඇතත් මේ මොහොත වනවිට අපේ රටට අවශ්‍ය වන්නේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීම නොවේ. ආර්ථිකය තව දුරටත් කඩා වැටීම වලක්වා ගැනීමත් අවශ්‍යතාවට අනුකූලව ව්‍යාපෘති හඳුනාගැනීමෙන් පසුව නිශ්චිත සැලසුමකට අනුව කටයුතු කිරීමත්ය. සෞභාග්‍යයේ දැක්ම නිශ්චිත සැලැස්මක් නොවන අතර එය පවතින වත්මන් අර්බුද තත්වයන්ට පෙරාතුව බිහිවූ ප්‍රකාශනයකි. අද මුහුණදී තිබෙන තත්වය හමුවේ සෞභාග්‍යයේ දැක්මට අනුව කටයුතු කිරීමට සැලැසුම් කිරීම කිසිලෙසකත් නොගැලපේ. ඒබැවින් ප්‍රායෝගිකව අදට ගැලපෙන සැලසුම් සහිතව කටයුතු කරන ලෙසත් මේ මොහොතේ අනවශ්‍ය සමාජ ප්‍රති සංස්කරණයන් සඳහා යොමු නොවන ලෙසටත් යෝජනා කරමු.

ඔබතුමා ප්‍රකාශකළ අයුරෙන්ම යම් කැපකිරීම් ප්‍රමාණයක් සහිතව, ඉහත සඳහන් පරිදි ක්‍රියාවෙන්ම තම උවමනාව පෙන්වුවහොත් පමණක් ඔබතුමන් ප්‍රකාශකළ ජනතා සහභාගීත්වය දිනා ගැනීමට හැකිවනු ඇත. එහෙත් දැනට සිදුවෙමින් පවතින්නේ සෞභාග්‍යයේ දැක්ම ආදිය කතා කරමින්, ඊටත් වඩා ප්‍රාථමික වූ, ලඟ එන ඡන්දයක් ඉලක්ක කර සිදුකරන වැඩ ලක්ෂයක් කිරීම වැනි කටයුතු සිදුවීමයි. ඒවිට, කතාවට පමණක් සීමාවූ, ඡන්දය පමණක් ඉලක්ක කරගත් සහ රටෙහි අභිවෘද්ධිය මූණිච්ඡාවට පමණක් පතන සාමාන්‍ය දේශපාලකයෙකුට වඩා වෙනස් වූ මුහුණුවරක් මහ ජනතාවට ඔබතුමාගෙන් විද්‍යමාන නොවේ.

මානයෙන් තොරව හා උපේක්ෂාවෙන් යුතුව මේ යෝජනාවන් වටහාගැනීමට ඔබතුමන්ට ශක්තිය ඇතැයි අපි විශ්වාස කරමු. ඉහත සියලු යෝජනා ඉදිරිපත් කරණුයේ රටේ අභිවෘද්ධිය පිණිසම හෙයින් වෙනත් කිසිදු හේතුවක් නොසලකා ඔබතුමන් විසින් ඒම යෝජනා පැහැදිළිව ක්‍රියාත්මක කරමින් ජනතා විශ්වාසයෙන් යුතුව නිවැරදිව කටයුතු කිරීමට ඉදිරි වසර කීපයතුලවත් ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.

මේ වගට හිතවත්

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර ලෙඩ්ඩු යොදා සෞඛ්‍ය වර්ජනය නැවැත්වීමේ උත්සාහයක් ඇතැයි චෝදනාවක්

Next Post

හවුල්කාර පක්ෂ නැති පොහොට්ටුවේ අනුරාධපුර රැළියට ජන ගඟක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.