මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් 3ක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හොබවන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යවරයා යටතට පත්කර තිබේ.
බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පවරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (08) ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් මෙලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කර ඇත.