විදේශගත ව සිට පසුගියදා පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්වි තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පැමිණීමේදී ඔහු පිළිගැනීමට එහි පැමිණි පුද්ගලයින් වෙනුවෙන් කළ සංග්‍රහ වියදම් ඇතුළු විශේෂ අමුත්තන්ගේ ආලින්දයේ සේවා වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු ගාස්තු රජය ගෙවා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගාස්තු ලෙස රුපියල් හැටදහසක් ඊයේ (24) ශ්‍රී ලංකන් එයාර්ලයින් කේටරින්ග් සර්විස් ආයතනයට ගෙවා ඇති බව සඳහන් වේ.
අමාත්‍යවරයෙකු හෝ රජයේ වෙනත් උසස් තනතුරක් නොදරන බැසිල් රාජපක්ෂ මහතා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ද දැරීමට ද නෛතික පසුබිමක් නොමැති බැවින් ඔහුට විශේෂ අමුත්තන්ගේ පර්යන්තය භාවිතා කිරීමට අවසර දීම පිළිබඳව ඩේලි මිරර් පුවත්පත පසුගිය 22 වැනිදා ප්‍රශ්න කර තිබුණි.
හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට ඔහුගේ ප්‍රබල ආධාරකරුවන් වන පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරු ඇතුළු සීයකට ආසන්න පිරිසක් ගුවන්තොටුපළට පැමිණ ඇති අතර ඔවුන්ට ශ්‍රී ලංකන් කේටරින්ග් වෙතින් කෙටි කෑම හා පාන වර්ග සපයා ඇත. මේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් අනාවරණය කිරීමෙන් පසු සිවිල් ගුවන් සේවා අධිකාරිය අදාළ මුදල ගෙවීමට ක්‍රියා කර ඇති බව එම වෙබි අඩවි පවසයි.
කෙසේ වුවද මෙම පුවත පළ වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය තමන් මෙම හිටපු අමාත්‍යවරයාගේ පැමිණීමට සහ පිළිගැනීමට අදාළ ව කිසිදු මුදලක් නොගෙවූ බවට අවධාරණය කර තිබිණි.