සංවිධානාත්මක අපරාධකරුවන් වූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිය බව කියන කාන්තාව සහ කුඩා දරුවා ඊයේ (29) පස්වරුවේ දිවයිනට රැගෙන පැමිණ තිබේ. කාන්තාව සමග අත් අඩංගුව ගන්නේ ඔවුන් දෙදෙනාගේ තෙවැනි දරුවාය.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් ඊයේ පස්වරු 5.50ට පමණ මොවුන් දිවයිනට පැමිණ ඇත.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී තිබේ..
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් විය.
ඉන්දුනීසියානු බලධාරීන් ඇය දිවයිනට එවා ඇත්තේ ඇයට එරෙහි බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් බව සඳහන්ය.







