බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල තෙල් ගේන්නේ නෑ – හැබැයි මෙහෙදි තෙල් බාල වෙන්න පුළුවන්

බලශක්ති ඇමති කියයි

by Lanka Sara Editor
ජනවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරටට බාල ඉන්ධන ගෙන්වීමට තබා එවැනි සිතුවිල්ලක් හෝ කිසිවකුට පහළ වී නැති නමුත් තෙල් බාල කිරීම ඉන්ධන පිරවුම්හල්වලදී සිදුවිය හැකි දෙයක් බව බලශක්ති අමාතත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නැවට පටවන අවස්ථාවේදී සිට පිරවුම්හල් වෙත යැවෙන අවස්ථාව දක්වා විවිධ අවස්ථාවන්හිදී සාම්පල ප්‍රමිතිය පරීක්ෂා කරන බවයි.

එසේ වුවත් පිරවුම්හල් විසින් වැඩි ලාබ ඉපැයීමට තෙල් බාල කළ හැකි නමුත් එවැනි පැමිණිල්ලක් මෙතෙක් තෙල් සංස්ථාවට හෝ අමාත්‍යාංශයට ලැබී නැතැයි ද අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කීය.

ඔහු එහිදී අවධාරණය කළේ බාල තෙල් සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ කිසිදු වෘත්තිය සමිතියක් චෝදනා කර නැති බවත් වෘත්තිය සමිති නායකයකු යැයි වරදවා වටහාගෙන වසර 4කට පෙර විශ්‍රාම ගිය පුද්ගලයකු වෙත මාධ්‍ය විසින් ඉඩ ලබාදෙමින් සිටින බවයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“බාල තෙල් ගෙන්වන බවට තෙල් සංස්ථාවේ කිසිම වෘත්තීය සමිතියක් එවැනි චෝදනාවක් කරලා නෑ. බොහෝ වෙලාවට මීට වසර හතරකට කලින් විශ්‍රාම ගත්ත පුද්ගලයෙක් තමයි ඔබතුමන්ලා(මාධ්‍ය) අපේ වෘත්තීය සමිති නායකයෙක් විදියට වරදවා තේරුම් අරගෙන මාධ්‍යයෙන් ඉඩ ලබාදෙමින් ඉන්නේ. කිසිම අවස්ථාවක අපි ඉන්ධන ප්‍රමිතිය වෙනස් කරන්න අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තබා, එවැනි සිතුවිල්ලක් වත් කාගෙවත් සිත්වල පහළ වෙලා නෑ. එය මාධ්‍යවල යන කතාවක් පමණයි.

මේ දක්වා අපි හැම විටම ගෙනල්ලා තියෙන්නේ octane 92 සහ 95 කියන තෙල්. මුලින්ම ඒ නැව්වලට පටවන තැනදී ස්වාධීන පරීක්ෂකයන්ගේ සහාය ලබාගෙන අපි ඒවායේ සාම්පල පරීක්ෂාවක් සිදු කරනවා. ලංකාවට පැමිණියාට පස්සේ ආනයනකරුයි තෙල් සංස්ථාවයි එක එක සාම්පලය බැගිනුත් ඊළඟට තෙල් ගබඩාව භාරව සිටින තෙල් ගබඩා පර්යන්ත සමාගම විසින් තව සාම්පලයක් ගෙන පරීක්ෂා කරනවා. ඊට අමතරව යම් ටැංකි නිකුත් කිරීමට පෙර එම තෙල් ටැංකි සාම්පලයක් අරන් පරික්ෂා කරනවා. මේ ඕන පරීක්ෂාවක් කරන තැන් හතරේදී තෙල් වල තියෙන ප්‍රමිතිය හඳුනාගන්න හැකියාවක් ලැබෙනවා.

හැබැයි සමහර විට ඩීසල්වලින් ඉහළ ලාභයක් ලබා ගන්න ඩීසල් වලට නැත්නම් පෙට්‍රල් වලට වෙනත් වෙනත් දේ මිශ්‍ර කිරීම යම් යම් පිරවුම්හල්වල සිදුවෙන්න පුළුවන්. සමහර විට භූමි තෙල් මිශ්‍ර කරනවා වෙන්න පුළුවන්. එවැනි දෙයක දී අපට දැනගන්න පුළුවන් වෙන්නේ එවැනි අකරතැබ්බයකට මුහුණ දුන් පුද්ගලයා විසින් ක්ෂණිකව තෙල් සංස්ථාවට හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් පමණයි. එහෙම නොකර සමාජ මාධ්‍යයේ දැම්මොත් අපිට ඒ ගැන කටයුතු කරන්න හැකියාවක් නෑ. මේ දක්වා කිසිම පුද්ගලයෙක් තෙල් සංස්ථාවට හෝ බලශක්ති අමාත්‍යාංශය ට ප්‍රමිතියෙන් තොර ඉන්ධන පිළිබඳ පැමිණිල්ලක් කර නෑ. මොකද අපිට කවුරු හරි පැමිණිල්ලක් කළොත් ඒ පුද්ගලයාගෙන් දැනගන්න පුළුවන් මොන පිරවුම්හලෙන්ද ඔහු ඉන්ධන පුරව ගත්තේ කියලා. එතකොට අපිට ඉන්ධන පිරවුම්හලට ගොස් හදිසි පරීක්ෂාවක් කරලා ඒ ඉන්ධන වල ප්‍රමිතිය තිබෙනවාදැයි කියන එක පරික්ෂා කරන්න පුළුවන් මිසක් පැමිණිල්ලක් ලැබීමකින් තොරව අපිට මේ සඳහා මැදිහත් වීමක් කරන්න බෑ. මේ දක්වා කිසිම පැමිණිල්ලක් කිසිම ආයතනයකට ලැබිලා නැති බව ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.” යැයි ද බලශක්ති ඇමතිවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව පාර්ලිමේන්තු සැසියට එක්වීමට පැමිණි 04කට කොවිඩ්!

Next Post

ලංකා රෝහලට බෝම්බව තැබුවේත් මම…  දේවස්ථානයට බෝම්බය තැබූ සැකකරු කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.