බ්‍රිතාන්‍යයෙන් තවත් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව බීබීසී පුවත් සේවය මීට ටික වෙලාවකට පෙර වාර්තා කළේය.
මෙම නව ප්‍රභේදය එරට එඩින්බර්ග් සරසවියේ පර්යේෂකයන් විසින් මුල් වරට හඳුනාගෙන ඇති අතර පසුගිය දෙසැම්බර් මාසායේ සිට ලබා ගෙන ඇති සාම්පල 33ක පමණ මෙම වයිරස ප්‍රභේදය පවතින බවට හඳුනාගෙන ඇත.
B1.525 නමින් හඳුන්වා ඇති නව කොවිඩ් 19 වයිරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ නව වෛරස ප්‍රභේදයට බොහෝ දුරට සමනාකම් දක්වන බවට හඳුනාගෙන ඇත.
එමෙන්ම පර්යේෂකයන් බී.බී’සී පුවත් සේවයට පවසා ඇත්තේ එම ප්‍රභේදය ඩෙන්මාර්කය, ඇමෙරිකාව මෙන්ම නයිජීරියාවෙන්ද හමුව ඇති බවයි.
කෙසේ වුවද මෙම නව වයිරස ප්‍රභේදයෙන් ඇතිවන බලපෑම් පිළිබඳව තවමත් විශේෂිත කරුණු පර්යේෂණාත්මකව අනාවරණය වී නොමැති අතර පර්යේෂකයන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් ද අවධාරණය කරන්නේ මෙම වෛරස ප්‍රභේදයේ බලපෑම මෙන්ම එය කොතෙක් දුරට ජනතාව අතර ව්‍යාප්තව පවතින්නේද යන්න හදුනා ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බවය.