කීර්ති ප්‍රනාන්දු –
ඊයෙ(04) මධ්‍යම රාත්‍රියේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ආරම්භ කළ වර්ජනය ඉතාම සාර්ථකව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.
ඔහු පැවසුවේ මේ වනවිට පුද්ගලික බස්රථවලින් සියයට අනූ නවයක් ධාවනයෙන් ඉවත් වී ඇති බවය.
පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනය කිරීමට බස් සංගම් සමග සාකච්ඡා නොකිරීම සහ QR ක්‍රමවේදය ඔස්සේ බස්රථ සඳහා සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම වර්ජනය බස් රථ සංගම් කීපයක් විසින් ආරම්භ කර තිබිණි.
“අමාත්‍යවරයා මේ ප්‍රශ්න ගැන අපි සමඟ කිසිදු කතාවක් කර නැහැ. අද සාකච්ඡාවට කතාකළොත් ගිහින් බලනවා. එයින් විසඳුමක් ලැබුණේ නැත්නම් දිගටම වර්ජනය කරගෙන යනවා“ යැයි අංජන ප්‍රියන්ජිත් කීවේය.







