අරාබි මුහුද හා බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බැවින් දිවයින ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදේ දැඩි සුළං තත්ත්වයක් පැවතිය හැකි බවත් ධීවර ප්‍රජාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට නොදුරින් අරාබි මුහුදේ ගැඹුරු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ක පමණ දැඩි සුළං තත්ත්වයන් විටින් විට පැවතිය හැකි බවත්, ඒ අනුව කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවලට එම සුළං තත්ත්වයන් බලපා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේ ම ගාල්ල සිට මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා වැඩිවිය හැකි බව ඔවුහු පවසති.
කළුතර, ගාල්ල, මාතර ප්‍රධාන කොටගත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල තද වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.







