අද (07) සිට බස්නාහිර පළාතේ ජනතාවට හැර අනෙක් සියලුම පළාත්වල ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ. – දෙරණ









