බලශක්ති අර්බුදය විසදන ලෙස බලකරමින් පකිස්තානය පුරා විරෝධතා ආරම්භ වී ඇති බවත් ඉදිරියේ දී ඒවා තවදුරටත් වර්ධනය විය හැකි බවත් එරට වාර්තා සදහන් කරයි.
පකිස්තානය පෙර නොවූ විරූ බලශක්ති අර්බුදයකට මුහුණ දී තිබෙන අතර බලශක්තිය සහ සම්බන්ධ ගෑස්, විදුලිය සහ ඉන්ධන මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එරට විශේෂඥයන් ගතවූ වර්ෂය බලශක්ති මිල අධික වර්ෂයක් ලෙස ද හදුන්වා දී තිබේ.
බලශක්ති හිඟය සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම කාර්මික නිෂ්පාදනයට ද බාධා ඇති කර ඇති බවත් මේ හේතුවෙන් අපනයන බව පහළ බැස ඇති බවත් පැවසේ.
මෙම ගැටලු කළමනාකරණය කර ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් නොමැතිකම රට ආර්ථික ව්‍යසනයකට තල්ලු කර ඇති බවට එරට විපක්ෂය ද දිගින් දිගටම අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුවට චෝදනා නගමින් සිටියි.