බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලපෑම් මත සජීව විකාශයක් නැවැත්වූ ජාතික රූපවාහිනියට – මාධ්‍යව්දියකුට සහ ප්‍රේක්ෂකයකුට වන්දි ගෙවන්න වෙයි

වසර 13ක් නඩුව ඇසූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඓතිහාසික තීන්දුවක්

by Lanka Sara Editor
පෙබරවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික රූපවාහිනියේ විකාශය වූ “ඉරා අඳුරු පට“ නම් සංවාද වැඩසටහනක් හදිසියේ ඉහළ බලපෑම් මත නැවැත්වීම හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය අහිමි කිරීම අභියේගයට ලක් කරමින් එම වැඩසටහනට සහභාගී වූ මාධ්‍යව්දීයකු සහ වැඩසටහනේ නරඹන්නතු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරමින් එයින් අගතියට පත් පෙත්සම්කරුවන්ට රජයෙන් රුපියල් 30,000 බැගන් සහ රූපවාහිනියේ සභාපතිවරයා වෙතින් රුපියල් 50,000 බැගින් ගෙවන ලෙසට පසුගිය බදාදා නියෝග කළේය.

රූපවාහින නාළිකාවක විකාශය වූ වැඩසටහනක් සම්බන්ධයෙන් ඇතිකරන ලද බලපෑම් හේතුවේ එය නැවැත්වීම ව්‍යවස්ථා විරෝධි බවට අධිකරණය මඟින් තීන්දු කළ පළමු අවස්ථාව මෙය ලෙසින් සැලකෙන අතර අවුරුදු 13ක් පුරා විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය වන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ වනිසුරු මඩුල්ල විසිනි. එම තීන්දුවට අනුව ඔවුන් ප්‍රකශ කර ඇත්තේ විකාශය හදිසියේ අත්හිටුවීමෙන් අදහස් ප්‍රකාශ කිරමේ අයිතිය අභියෝගයට ලක් වි ඇති බවය.

2008 වසරේ නොවැම්බර් 04 වැනිදා රාත්‍රියේ විකාශය වූ මෙම වැඩ සටහනට එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙස කටයතු කළ හිටපු ආණ්ඩුකාර ධම්ම දිසානායක සහ කලක් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් සහ වර්තමාන රජයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරයකු වන ආචාර්ය චරිත හේරත් සමඟ එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු මාධ්‍යෙව්දී උවිඳු කුරුකුලසූරිය මහතා සහභාගී වී ඇති අතර තම මූලික අයිතිවාසිකම් කඩ වු බවට මෙම පෙත්සම අධිකරණය වෙත ගොනු කොට ඇත්තේ උවිඳු කුරුකුලසූරිය සහ එම වැඩසටහන නරඹමින් සිටි ප්‍රේක්ෂකයකු වන ජේ.කේ.ඩබ්ලිව් ජයසේකර විසිනි. ඔවුන් සහභාගී වූ මෙම වැඩසටහන විනාඩි 45ක් පමණ ප්‍රචාරය වී ඇති අතර එවකට රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් උවිඳු කුරුකුලසූරිය විසින් විග්‍රහ කරමින් සිටින අවස්ථාවේ වෙළෙඳ ප්‍රචාරණයට ලබා දුන් විරාමයෙන් පසුව යළි වැඩසටහන ප්‍රචාරය වී නොමැත.
මෙම තත්ත්වය මගින් අගතියට පත් පාර්ශ්ව ලෙස උවිඳු කුරුකුලසූරිය සහ ජේ.කේ.ඩබිලිවි ජයසේකර යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන ලද්දේ රූපවාහිනී සංස්ථාව පලමු විත්තිකරු ලෙසත් එවකට රූපවාහිනි සභාපති ආරියරත්න අතුගල දෙවන විත්තිකරු සහ නිෂ්පාදක ලක්ෂ්මන් මුතුනත්ත්‍රී තෙවන විත්තිකරු ලෙස දක්වමිනි. ඊට අමතරව සිව්වැනි විත්කිරු ලෙස එවකට ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා නම් කොට තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තම තීන්දුව ලබාදුන් විනිසුරු මඩුල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) 2 වගන්තියට අනුව අදාළ පෙළමු පෙත්සම්කරුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මෙම වැඩසටහන හදිසියේ විකාශය අත්හිටුවීමෙන් කඩ වී ඇති බව ට තීන්දු කොට ඇති අතර ප්‍රේක්ෂක ජයසේකර මහතාගේ අයිතීන්ද කඩ වී ඇති බයට තීන්දු කොට ඇත.
මෙම නඩුවෙ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ සහ නීතීඥ පසිඳු සිල්වා සහභාගී වී ඇති අතර විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් නෙරීන් පිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පිල්ලේ සහ නීතීඥ නිර්මලන් විග්නේශ්වරන් ස, ලසන්ත ගරුසිංහ යන නීතීඥවරුන් පෙනී සිට ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා වෛරසය ලංකාවේ ඩෙංගු 70% කින් අඩු කරයි

Next Post

විශේෂ අවසරයක් පිට කොවිඩ් ආසාදිත බිළිඳාට පශ්චාත් මරණ පරීක්ෂණයක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.