ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කිරුම් මිණුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් රාගම නගර මධ්‍යයේ වූ මස් කඩ කිහිපයක තරාදි පරීක්ෂා කරමින් සිටිය දී එක් කඩහිමියෙකු ඔහු ගේ පුතා හා එක්ව වෙළෙඳ සැලේ තිබූ තරාදිය පොළොවේ ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ රාගම පොලීසිය රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ.
කිරුම් මිණුම් කිරීමේ දී නිවැරදි පාඨාංක නොලැබෙන නිසා දෙපාර්තමේන්තුව මගින් අනුමැතිය නොදෙන තරාදියක් උපයෝගි කර ගනිමින් අදාළ මස් කඩයේ වෙළෙඳාම් කටයුතු සිදුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් තරාදිය තම භාරයට ගන්නට ගිය අවස්ථාවේ වෙළෙඳ සැලේ හිමිකරු ඔහු ගේ පුතා හා එක්ව තරාදිය පොළොවේ ගැසූ බවත් වැටලීම කළ නිලධාරීහූ පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ සහ කිරුම් මිණුම්, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක ගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ පසුගිය මාසයේ දී සිදුකළ වැටලීම් වලින් අනුමත නොකළ හා මුද්‍රා නොතැබූ තරාදි භාවිත කළ ව්‍යාපාරිකයින් 16 දෙනෙකු ගෙන් රුපියල් 312500 ක මුදලක් දඩ වශයෙන් අය කළ බව කිරුම් මිණුම් ඒකකය පවසයි