අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බර අඩු කර ගන්න දිනකට පැය 16ක් උපවාස කර මැරෙන්න එපා… ඇමරිකානු පර්යේෂණයක් හෙළි කරන බිහිසුණු කතාවක්…

by editor
සැප්තැම්බර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ  –

  • බර අඩු කර ගන්න දිනකට පැය 16ක් නිරාහාරව සිටීම නිසා හෘද රෝග වලින් මිය යෑමේ අවදානම  91% ක්…  අමෙරිකානු විද්‍යාත්මක පර්යේෂණයකදී හෙළිවේ. .

බර අඩු කරන්න බොහෝ දෙනා විවිධ ආකාර බෙහෙත් වර්ග සහ උපක්‍රම මෙන්ම ආහාර සීමා කිරීම් ද  සිදුකරනවා. මේ අතරින් ශ්‍රී ලංකාව තුළ මෑතකදී.බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රමවේදයක් තමා දිනකට පැය 16 ක් නිරාහාරව සිට ඉතිරි පැය අටේදී පමණක් ආහාර ගැනීම.

Intermittent fasting  නම් මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුණත් බොහෝ කාලයක් බටහිර රටවල අනුගමනය කළා. කෙටි කාලීනව මෙම ක්‍රමවේදයේ සාර්ථක ප්‍රතිඵල ලැබුණද දිගු කාලීනව එහි ප්‍රතිඵල අධ්‍යයනය කර තිබුණේ නැහැ. නමුත් 2024 වසරේ මාර්තු මස චිකාගෝ නගරයේදී පැවති අමෙරිකානු හෘද රෝග සංගමයේ ( American Heart Association ) වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේදී මේ සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී ප්‍රකාශයට පත් කරන ලද කරුණු පිළිබඳව මේ ක්‍රමය අනුගමනය කරන සියලු දෙනා සිය අවධානය යොමු කිරීම සුදුසු වනවා.

  • මෙම පර්යේෂණයට අනුව පැය 16 ක් ආහාර වර්ජිතව ඉතිරි පැය 8 දී පමණක් ආහාර ගැනී නිසා  හෘද රෝග මඟින් මරණයට පත්වීමේ අවස්ථාව සඳහා  91% ක් පමණ අවදානමකට මුහුණ දෙන බව ප්‍රකාශ කොට තිබෙනවා.
  • එසේම හෘද රෝග ඇති පුද්ගලයන් දිනකට පැය 16  සිට 14 දක්වා  කාලයක් ආහාර වර්ජිතව සිටින්නේ නම් හෘද රෝගයකින් හෝ මොළයට රුධිර සැපයීම අවහිරවීමෙන් මරණයට පත්වීමේ අවදානම 66% දක්වා ඉහළ යන බවත් මෙම පර්යේෂණයේදී අනාවරණය වූ බව ප්‍රකාශ කොට තිබෙනවා.
  • එසේම මේ අයුරින් ආහාර වර්ජනය කිරීම මගින් කිසිදු රෝගයකින් මිය යෑමේ හැකියාව අඩු කරන්නේ නැති බවයි එමගින් හෙළිවී තිබෙන්නේ.
  • මෙහිදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ ආහාර ගන්නා කාලය දිනකට පැය 16කට වඩා කාලයක් තුළ විටින් විට ආහාර ගන්නේ නම් පිළිකා රෝගීන් එම රෝගීන් මිය යාමේ අවදානම අඩුවන බවයි.

පර්යේෂණය කළ ආකාරය

මේ පර්යේෂණය සඳහා වයස අවුරුදු 20 ට වැඩි අමෙරිකාවේ පිරිමි සහ කාන්තාවන් සම ප්‍රමාණවලින් යොදාගෙන තිබෙනවා. එමෙන්ම විවිධ ජනවර්ගයන්ද යොදාගෙන තිබෙනවා.පර්යේෂණයට භාවිතා කරන ලද පුද්ගලයන් ප්‍රමාණය 20000 ක් පමණ වනවා. වසර 2003 සිට 2018 දක්වා කාලය තුළ මෙම පුද්ගලයන් පිළිබඳව නිරීක්‍ෂණය කොට තිබෙනවා.

බොහෝ වේලාවක් මේ අයුරින් නිරාහාරව සිටීම මගින් සිරුර ඇතුළත පරිවෘතීයීය ආතතියක් (Metabolic stress ) ඇතිවෙනවා. එහිදී රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය අඩුවන අතර කෝටිසෝල් හෝමෝනය වැඩි වෙනවා. මේ හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම නිසි අයුරින් පාලනය කර ගැනීමට නොහැකිවන අතර ඉන්සියුලින් සඳහා වන ප්‍රතිරෝධය ද ඉහළ යනවා. සිරුරේ දිගු මාංශ පේශි ක්ෂීන වීම, විඩා ගතිය සහ තයිරොක්සින් අඩුවීම මේ නිසා සිදුවිය හැකි බව පැවසෙනවා.

කෙසේ වෙතත් මේ පර්යේෂණයේ සාරාංශය හැර විස්තරාත්මකව තොරතුරු තවම ඉදිරිපත් කරලා නැහැ. මේ පිළිගැනීමට නම් එය ප්‍රසිද්ධ කොට විද්‍යාත්මක සඟරාවල පළකල යුතු වනවා.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

නමුත් එම පර්යේෂණයෙන් පෙන්වා දී ඇති දත්ත අනුව උන්මාදයක් මෙන් ලංකාවේ බොහෝ දෙනා අනුගමනය කරන මෙම පැය 16 ක් නිරාහාරව සිටීමේ ක්‍රමවේදය සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීම සුදුසු වනවා

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ බැහැර කර විධිමත් පරිසරයක් ඇති කර පවත්වා ගැනීමේ වැඩසටහනක් අද ඇරඹෙයි…

Next Post

අත් අඩංගුවට පත් අවස්ථාවේ සිට තමා සමග සිටි පිරිසට හිටපු ජනපති ස්තුති කරයි…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.