කලාවැව බරණ හස්ථියා විදුලි සැර යොදා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව සිටි පොලිස් නිලධාරියා අද (06) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම්. ගස්සාලි නියෝග කළේය.
අද සැකකරු ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය.
ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වන සැකකරු ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා බරණ හස්ථියා ඝාතනයකර තිබූ දිනයේ එම ස්ථානයේ ආරක්ෂක කටයුතු සඳහා ද යොදවා තිබූ බව සිදුකළ විමර්ශනවලදී අණාවරනය තිබේ.
පසුගිය ජුලි මස 26 වැනිදින ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකට යාබදව ජාතික නාමල් උයන රක්ෂිතයේ හිස් බිම් කොටසකදී බරණ හස්ථියා විදුලි සැර වද්දවා ඝාතනය තිබිණි.
මෙම ඝාතනයට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ද එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 31 වනදා නියෝග කළේය
බරණ යනු කලාවැව රක්ෂිතය විභූතිමත් කළ ලෝක ජනාදරයට පත් හස්ථිරාජයාය.