බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රශ්නගත සැකකරු නිදහස් කරන්න කටයුතු කරලා තිබෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරන සිරකරුවන් ලිස්ට් එක එන්නත් කලින්දැයි සැකයි… අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වයි!

by editor
ජූනි 10, 2025
in පුවත්
thushara-upuldeniya
Share on FacebookShare on Twitter
  • සම්මත නීතියෙන් පිට ගොස් කටයුතු කරලා තිබෙන සෑම බන්ධනාගාර අධිකාරීවරයෙක්ම දැන් ලෑස්ති වෙලා ඉන්න. අපි විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ… අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අනතුරු අඟවයි…

වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂා උපුල්දෙණිය කටයුතු කර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් නිදහස හිමිවන සිරකරුවන්ගේ නම් ලයිස්තුව ඇතුළත් ලියුම ලැබීමට පෙර ප්‍රශ්නගත හිරකරු නිදහස් කර යැවීමට කටයුතු සම්පාදනය කර තිබුණේදැයි සැකයක් ඇතිවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද (10) අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ පැවති ලිපි ලේඛන දුටු විට මවිතයට පත් වූ බවත්, දාතමක්, යොමු අංකයක් නැති එම ලිපි ලේඛණ දෙස බැලූ විට මෙම නිලධාරීන් කටයුතු කර ඇත්තේ පහේ ශිෂ්‍යත්ව දරුවන් ලෙස බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කීවේය.

ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් සිරකරුවන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් තුෂාර උපුල්දෙණිය අද දහවල් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔහුව අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක වෙත ඉදිරිපත් කෙරිණි.

එහි දී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේ ද පැවසුවේය.

“ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 338ක් නිදහස් කිරීමට තිබූ අතර සිරකරුවන් 36ක් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නම් කර තිබෙනවා. නමුත් මේ විත්තිකරුගේ නම ඒ නාම ලේඛනයේ නෑ. එවන් පසුබිමකයි මේ සැකකරු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා තිබෙන්නේ. මේ සියලු සිදුවීම් සිදුව තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ අනුදැනුම ඇතිව. ”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“මේ සිදුවීමේ දී අධිකරණ බලය අවභාවිත වෙලා තියෙනවා. නීතියේ ආධිපත්‍යයටයි මේ දැඩි පහර එල්ල කරලා තියෙන්නේ. අධිකරණය මගින් ලබාදෙන දඬුවම පවා නොසලකා හැර මේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරලා. බන්ධනාගාරය තුළ වෙනම අධිකරණයක් ක්‍රියාත්මක වෙලා. මොවුන් මොවුන්ට අවශ්‍ය පුද්ගලයින්ට තමා සමාව දීලා තියෙන්නේ. මේක ජනාධිපති සමාව නෙමෙයි. මේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්රවරයාගේ සමාව.”

“මේක පුලුල් විමර්ශනයක්. මේ ගාන වෙනස් විය හැකිියි. මේ සැකකරු විතරක් නෙමෙයි මේ ආකාරයට නීතිය අවභාවිතා කරපු සෑම නිලධාරියෙක් සම්බන්ධවම අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සම්මත නීතියෙන් පිට ගොස් කටයුතු කරලා තිබෙන සෑම බන්ධනාගාර අධිකාරීවරයෙක්ම දැන් ලෑස්ති වෙලා ඉන්න. අපි විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ. ”

“ඒ වගේම තමයි ස්වාමීනී මේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු භාරයේ තිබී ලබා ගත් ලේඛන පිළිබඳව අපි විමසුවා. ඒ ලේඛන රාජ්‍ය ආයතනයක පවත්වාගෙන ගිය ලේඛන ද කියලා හිතෙනවා. දින, දවස්, යොමු අංක කිසිවක් නෑ ඒ ලේඛනවල. රටේ පිළිගත්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කරලා තියෙන්නේ පහේ ශිෂ්‍යත්ව දරුවන් වගේ.”

“ස්වාමීනී…. අපට මේ වනවිට සැකයක් මතු වෙලා තියනවා මේ සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් නිදහස හිමිවන සිරකරුවන්ගේ නම් ලයිස්තුවක් ඇතුළත් ලියුම ලැබීමට පෙර ප්‍රශ්නගත හිරකරු නිදහස් කර යැවීමට අදාල කටයුතු කරලා තියනවා ද කියලා. ”

“පසුගිය වෙසක් පොහොය දින ජනාධිපති සමාව සැකකරුවන් 388කට හිමි වෙලා තියනවා. හැබැයි ඊට සුසුදුකම් හිමි නොවන සිරකරුවන් පිරිසක් ද ඒ නම් ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. මේක කාලයක් සිදුවූ දෙයක්. ”

සිද්ධිය පිලිබඳව විත්තියේ නීතිඥයින්ගේ ඇප ඉල්ලීමට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විරෝධය පල කළේය. නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක වැඩ තහනම් කළ  බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා  හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනුරාධපුර නගරය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා… එය කළ හැක්කේ මේ පොළවට බද්ධ වුන මිනිසුන්ට පමණයි… ජනපති කියයි!

Next Post

ජනාධිපති සමාව අවභාවිතා වෙලා නම් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විතරක් නෙමෙයි ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් සැකකරුවන් විය යුතුයි… නීතිඥවරු අධිකරණයට කියති!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.