බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සමාව අවභාවිතා වෙලා නම් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විතරක් නෙමෙයි ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් සැකකරුවන් විය යුතුයි… නීතිඥවරු අධිකරණයට කියති!

by editor
ජූනි 10, 2025
in පුවත්
Thushara-Upuldeniya
Share on FacebookShare on Twitter
  • සිරකරුවෙක් නිදහස් කිරීමේ චක්‍රලේඛය අනුව හිරකරුවෙක් නිදහස් කිරීමේ  බලය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට තියනවා… මෙතන සිද්ධ වී ඇත්තේ කරුණු වරදවා තේරුම් ගැනීමක්…  

සිරකරුවන් නිදහස් කිරීමේ චක්‍රලේඛය ප්‍රකාරව ජනාධිපති පොදු සමාව යටතේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලයිස්තුවට අමතරව නිදහස් කිරීමට හැකි සිරකරුවන් නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට ඇති බව අදාල චක්‍රලේඛනය උපුටා දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කරුප්පු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

වැඩතහනමට ලක් වු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණයට කීවේ ජනාධිපති සමාව යටතේ අනීතිකව සිරකරුවෙක් නිදහස් කර ඇතිනම් එම වරදට තම සේවාදායකයා පමණක් නොව, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාත්, ජනාධිපති ලේකම්වරයාවත් සැකකරුවන් කළ යුතු බවය.

සිරකරුවන් ලැයිස්තුව ඇතුළත් නාම ලේඛනය අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කිරීමක් සිද්ධවන බව ද ඔවුන්ද මේ නිදහස් කරන සිරකරුවන් සම්බන්ධව වගකීමක් දරණ බව ද නීතිඥවරයා තර්ක කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු කීවේ තම සේවාදායකයා ජනාධිපති සමාව යටතේ අනුරාධපු බන්ධනාගාරයේ සිරකරුවෙක් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අනුදැනීමක් නොමැති බවය. සිදුවී ඇත්තේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා විසින් වරදවා වටහාගැනීමක් බවය . ඔහු අධිකරණයට මෙසේ ද කීවේය.

“ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිරකරුවන් 388 යටතට මෙම සැකකරු සඳහන් වෙන්නේ නෑ. එසේ වීමට හේතුව රජය මගින් නිකුත් කර තිබූ බන්ධනාගාර සිරකරුවන් නිදහස් කිරීමේ චක්‍රලේඛයට අදාලව බන්ධනාගාර අධිකාරීවරයාට පවතින බලතල. ඔහුට හිමිව ඇති බලතල අනුව නම් කරන ලද සිරකරුවන්ට අමතරව නිදහස් වීමට හැකි සිරකරුවන් නිදහස් කිරීමට හැකි බව ඒ චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“එය වැරදියට වටහාගෙනයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා කටයුතු කරලා තියෙන්නේ. ස්වාමීනි. එම චක්‍රලේඛයේ කිසියම් සිදුවීමක් වුවහොත් බන්ධනාගාර අධිකාරීවරයා විසින් නිදහස් කරන ලද සිරකරුවන් පිළිබඳ සියලුම වගකීම ඔහු සතු බවත් දන්වා තිබෙනවා. එම කරුණින්ම පැහැදිලිවෙනවා ස්වාමීනී මගේ සේවාදායකයා මේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති බව.”

“මගේ සේවාදායකයා විතරක් නෙමෙයි. අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයාවත් සැකකරුවන් කරන්න ඕන. මොකද නම් කරන ලද සිරකරුවන් ලැයිස්තුව ඇතුළත් නාම ලේඛනයට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කිරීමක් සිද්ධ වෙන නිසා.”

“මෙහිදී නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේ තමන් සැකකරුට ඇප ලබාදීමට විරෝධය පල කරන බවය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු හෙට දින දක්වා බන්ධනාගාරගත කරනු ලැබුවේය.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රශ්නගත සැකකරු නිදහස් කරන්න කටයුතු කරලා තිබෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරන සිරකරුවන් ලිස්ට් එක එන්නත් කලින්දැයි සැකයි… අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වයි!

Next Post

ජනපති ජර්මානු නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.