බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මීට ස්වල්ප වෙලාවකට පෙර වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණියේය.
ඒ සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බලා ආපසු පැමිණ ටික වෙලාවකින් අනතුරුවය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග පොහොට්ටුවේ දේශපාලකයින් කණ්ඩායමක් ද බන්ධනාගාරගත හිටපු ජනාධිපති බැලීමට ගොස් තිබිණි.







