සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදූර්දීන්ගේ මන්ත්‍රි මුෂාරෆ් සමග ගිය පිරිසක් ඉඩම් අල්ලා ගැනීමට ලාහුගල වනෝද්‍යානයේ මායිම් වනසති

කැලෑවේ අක්කර 10ක් දැනටමත් එළි කරලා

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලාහුගල ජාතික වනෝද්‍යානයට අයත් කැළෑ ඉඩම් අක්කර 10ක් පමණ බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිසක් පසුගියදා එම වනෝද්‍යානයේ මායිම් ගල්ද පෙරලා අනවසරයෙන් පැල්පත් ඉදි කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ. පසුගිය 06 වැනිදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ පක්ෂය නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු වන එස් එම් එම් මුෂාරෆ් මහතාද සමග මෙම පුද්ගලයන් වනෝද්‍යානයට පැමිණ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ තම විරෝධය පළ කර තිබේ.පසුගියදා 20 වැනි සංශෝධනයට රජයට සහය පළ කළ මෙම මන්ත්‍රීවරයා එතනැට පැමිණ නිහඬව සිටියද ඔහු සමග පැමිණි පිරිස් එහිදී ආවේග ශිලී ලෙසන් වනජීවියට විරෝධය පළ කර ඇත.

මේ පිළිබඳව ලංකාසර කළ විමසීමේදී හෙළි වූයේ එම වනෝද්‍යාන සීමාව තුළ කලක පටන් ප්‍රදේශයේ පිරිසකට කුඹුරු වගා කිරීමට ලබා දුන් අවසරය අවභාවිත කරමින් මෑත කාලයේ එම නිශ්චිත ප්‍රදේශයට අමතරව වනෝද්‍යානයට අයත් ඉඩම්වල කැලෑ කපා මහත් විනාශයක් සිදු කොට ඇති බවය. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස තුළදී වටිනා ගස් සහිත වනෝද්‍යාන භූමියේ අක්කර 10ක් පමණ මෙම පුද්ගලයන් එළි පෙහෙලි කර ඇත. ඊට අමතරව ඔවුන් අනවසරයෙන් වනෝද්‍යාන භූමිය තුළ තාවකාලික ඉදිකිරීම්ද සිදු කොට ඇති අතර වන ජීවි නිලධාරීන් මැදිහත් වී මෙම ඉදිකිරීම් කඩා ඉවත් කොට ඇත.

මේ පිළිබඳව ලංකාසර ලාහුගල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු සිරිර කුමාර මහතාගෙන් විමසූ විට ඔහුද ප්‍රකාශ කර සිටියේ එවැනි සිදුවීමක් සිදුවූ බවය. එසේම මෙලෙස අනවසරයෙන් භූමිය අල්ලා ගැනිමට පියවර ගත් පුද්ගලයන්ට එරෙහිව මේ වනවිට පොතුවිල් උසාවියේ නඩුවක්ද පැවරීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ද පළාතේ දේශපාලන ප්‍රබලයින්ද සම්බන්ධ කරගෙන මෙම වනෝද්‍යානය අල්ලා ගැනීමේ ජාවාරම ක්‍රියාත්මක වන බව සඳහන් වන අතර පසුගිය 06 වැනිදා පැමිණි බදූර්දීන් අමාත්‍යවරයාගේ පක්ෂයේ මන්ත්‍රිවරයකුද මෙම නීති විරෝධි ක්‍රියාවලට සම්බන්ධ ජනතාව සමඟ පැමණිමෙන් ඒ බව සනාථ වන බවද ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලාහුගල -කිතුලාන ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 5131 භූමි ප්‍රම්නයකින් යුතු වන අතර වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ ප්‍රකාශිත 2006.07.20 දිනැති අංක 1454/26 දරන අතිවිශේශ ගැස්ට් පත්‍රයේ පළ වූ නියෝගය මගින් ප්‍රකාශයට පත්කරන ලද්දකි.

.මෙම වනෝද්‍යානයේ සිදුව ඇති විනාශකාරී ක්‍රියා පිළිබඳව නීතිමය තත්ත්වය පැහැදිලි කළ ජෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා පැවසූවේ පසුගිය දින කීපය තිස්සේ ලාහුගල -කිතුලාන ජාතික උද්‍යානය තුළ පුද්ගලයන් රාශියක් විසින් සිදුකරමින් පවතින ක්‍රියාවන් සියල්ල නීතිවිරෝධී බව පැහැදිලි වන බවය.

නීතීඥ ගුණවර්ධන මහතාට අනුව මින් ප්‍රධානතම සහ වැදගත්ම කරුණ වන්නේ පනතේ 5 වන වගන්තියේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම යි. .එනම්,ජාතික උද්‍යානයකට කෙනෙකුට ඇතුළු විය හැක්කේ ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ලබාදෙන අවසරයක් යටතේ පමණකි. එසේම මේ අවසරය දිය හැක්කේත් නැරඹීම,රසාස්වාදය පිණිස මෙන්ම අධ්‍යයන සහ පර්‍යේෂණ කටයුතු වලට පමණි.

ඒ වගේම වන සත්ත්ව සහ තුරුලතා ආඥා පනත යටතේ 6 වන වගන්තියට අනුව ජාතික උද්‍යානයක් තුළ කිසිවෙකුත් එහි සිටින වන සතෙකුට බාධා හෝ හිරිහැර සිදුවන යම් ක්‍රියාවක් කිරීම, භූමිය එලි කිරීම, ශාක ඉවත්කිරීම හෝ විනාශ කිරීම, මාර්ගයක් තැනීම සහ මාර්ගයක් භාවිතා කිරීම, වගාවක් කිරීම, තාවකාලික හෝ ස්ථීර ගොඩනැගිල්ලක් ඉදි කිරීම හෝ භාවිතය වරදක්.

යමකු ජාතික උද්‍යානයේ මායිමේ සිට සැතපුමක කලාපය තුළ යම් සංවර්ධන කටයුත්තක් යෙදීමට අදහස් කරන්නේ නම් ඊට වනසත්ව හා වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 9අ වගන්තිය යටතේ සඳහන් වන පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අවසරය අත්‍යාවශ්‍යය.මේ සඳහා අවසර ඉල්ලා සිටින්නන් විසින් අනුමැතිය ලබාගැනීම පිනිස ඒ ප්‍රදේශය පිළිබඳව මූලික පාරිසරික විශ්ලේෂන වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සකස්කර ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාව මහජන අදහස් සඳහා දින 30 කාලයක් විවෘත කළ යුතුයි යමකු මේ ප්‍රදේශය වනෝද්‍යානය කලාපයට අවත් නැති ප්‍රදේශයක් බවට කියනව නම් එවැනි තත්ත්වයක් තුළ පවා මේ කරන කටයුතු මේ අනුව නීති විරෝධියි.

එසේම ඉහත සියලු වරදවල් වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 67ආ වගන්තිය අනුව සංඥේය වරදවල් වේ.එනම්,වනසත්ව හා වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 66 වගන්තිය අනුව එවන් වරදක් කරන්නෙකු වරෙන්තුවකින් තොරව අත් අඩංගුවට ගැනීමේ බලය වනජීවී සංරක්ශන දෙපාර්තුමේන්තුවට මෙන්ම පොලීසියටත් පුළුවන්“ යයිද ප්‍රකාශ කළේය.

වීඩියෝ මෙතැනින්

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළි මෙලොවට පැමිණියහොත් බුදුන් කොළ පැහැ වනු ඇත

Next Post

අද කොවිඩ් මරණ 05යි… මරණ 04ක් නිවෙස්වල… කොළඹ බල ප්‍රදේශයේ මරණ 03යි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.