ජාත්‍යාන්තරයත් ඉංග්‍රීසිත් බැරි තමන්ට රට හදන්න පුලුවන්දැයි ඇසූ පොහොට්ටුවේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ ප්‍රශ්නය විසඳනතුරු යළි පාර්ලිමේන්තු නොඑන බව කියා අද (08) පාර්ලිමේන්තුවෙන් පිටවී ගියේය.
රට බරතපල අර්බුදයකට පත් වී ඇති මේ අවස්ථාව නොසලකා ඉන් පසු ඇති වූ පහත් පෙළේ ගැටුමකින් අනතුරුව කතානායකවරයා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සමගි ජනබලවේගයේ චමින්ද විජේසිරි සහ පොහොට්ටුවේ ජනක තිස්සකුට්ටිආරච්චි ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතුවලින් අද දවස තුළ ඉවත් කළේය.
පිටව යන්නට පෙර චාමර සම්පත් දසනායක කීවේ මෙවැනි කතාවකි.
මට ඉංග්‍රීසි බෑ. මට ජාත්‍යාන්තරය බෑ. මට පුලුවන්ද රට හදන්න. රට හදන්න ඕන මේ නායකයො. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක ආසනයක් අරන් ඇයි පාර්ලිමේන්තුවට ආවෙ. ආව නම් රට හදන්න. අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිකම දාලා ආයෙ පර්ලිමේන්තුවට ආවෙ මොකට ද?. ආයෙ පාර්ලිමේන්තුවට ආව නම් ඔක්කොටම වගකීමක් තියනවා මේ රටේ මිනිස්සුන්ට වගකියන්න.
හෙට ලක්ෂ 15ක් ජනතාව එනවා… තගංලල්ට ලක්ෂ දහයක් මිනිස්සු ගියා දේවාලෙට යනවා වගේ ඡන්දය පැරදුනු වෙලාවෙදි. දිනපු මෛත්‍රීපාල සිරිසේනගෙ ගෙදරට ගියේ නෑ කවුරුත්. ජනතාව අද හැසිරෙන්නෙ වෙනස් විදිහකට. දේවාලෙට යනවා වගේ කාල්ටන් නිවසට ගිය මිනිස්සුම කාල්ටන් නිවස වට කළා. ඒ ජනතාවගේ තත්වය තේරුම් අරගෙන අපි හැසිරෙන්න ඕන.
මේ පාර්ලිමේන්තුව ස්ථාවර වෙච්චි දවසට නැවත ඇවිත් වාඩි වෙනවා. කියා චාමර සම්පත් දසනායක පිටවී ගියේය.