බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ජනාධිපති අස්වෙන්නේ නැතිනම් කරන්න ඕන වැඩ ගැන රනිල්ගෙන් ලයිස්තුවක්!

by Lanka Sara Editor
අප්‍රේල් 8, 2022
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

පවතින දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපතිවරයා ඉවත් වන්නේත් නැතිනම් ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ ද නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳව සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව විසින් අත්පත් කරගනු ලැබිය යුතු බවත් ඒ අනුව පාර්ලිමේන්තුව රටේ ආර්ථික අර්බුදය  විසඳීමේ පූර්ණ වගකීම අත්පත් කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු මේ සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පිළිබඳව සභාවේදී යෝජනාවක් කළේ අද පැවැත්වෙන  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව පිළිබඳව විවාදයේදීය.

අපේ අලුත් අවුරුදු ලිතේ නොනගත දෙකයි එකක් ආර්ථික නොනගතය. අනෙක දේශපාලන නොනගතය. මේ ලිතේ පුණ්‍ය කාලයක් නෑ. මේසේ තියෙන කැවුමටත් රුපියල් 75ක් ගෙවන්න තියනවා. උද්ධමනය සියයට 30ක්.  සියයට 40ක් වෙයිද  දන්නේ නෑ. මේ අවුරුදු කාලේ තුන් වේලක් කන්න බැරි වෙනවා.  දේශපාලන නොනගතය මෙහෙමයි.  මේ උද්ඝෝෂණවල පළමුවෙන්ම තිබෙන්නේ ජනාධිපති ඉවන් වෙන්න කියල. ඒත් ජනාධිපති ප්‍රකාශ කළා, ඉවත් වෙන්නේ නෑ කියල.මෙතන ජනාධිපතිගේ තීරණය එකක්. අපෙ පාර්ලිමේනකුවේ තීරණය වෙන එකක් වෙන්න පුළුවන්.

1 ජනපති අස්නොවෙයි නම් කරන දේ ගැන ජනතාවට කියන්න

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

උද්ඝෝෂණ  වැඩි වුණොත් ජනාධිතිතුමා  ජනතාවට කියන්න ඕන මොකක්ද තමන් ඊළඟට කරන්නේ කියල. . ජනතාව සෑහීමකට පත් වුණොත් ප්‍රශ්නේ ඉවරයි. ඉස්සරලා කැබිනට් මණ්ඩලයක් පත් කරන්න.  කැබිනට් මණ්ඩලය. මේ කැබිනට් මණ්ඩලය  පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගන්න ඕන ඉස්සරලාම.  මොකද එතනින් තමයි වැඩ කරන්න පුළුවන්.  විශ්වාසය නැතිනම් ඊළග පියවරකට යමු  ඉක්මනින්.

  1. හමුදාව සිවිල් කටයුතුවලට කැඳවන්න එපා !

තවත් කරුණක් මේ වෙලාවේ ජනතාව පාලනයට හමුදාව යොදවන්න එපා. අපේ සිවිල් බලය තවම රටේ තිබෙනවා එය බිද වැටී නෑ. එසේ නම් එතැනට හමුදාව ගෙන්වීම සුදුසු නෑ. හමුදාව කැඳවිය යුත්තේ සිවිල් බලය කැඩුණොත්. එහෙම වෙලා නෑ.   මම දන්න හමුදාව නම් ව්‍යස්ථාවට විරද්ධව යන්නේ‍ නෑ. අපි ඒක දින 52 කාලයේදී දුටුවා.

  1. මුදල් බලය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවට ගනිමු.

ආර්ථිකය නෙනාගතය ගැන කතා කළොත් අද  ආර්ථිකය ඉවරයි. මේ රටේ මුදල් පාලනයේ බලය පාර්ලිමේන්තුවට පවරා ගත යුතුයි.  විශේෂයෙන්ම ව්‍යවසථාවේ 148 යටතේ මුදල් පාලනය කරන්නේ අපි. මූලික වශයෙන් මේ වගකීම් යන්නේ කැබිනට් මණ්ඩලයට. ඔවුන්ට ඒක ප්‍රශ්නයක් නම්  බලතල  සභාවට ගන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්. 148 යටතේ පාර්ලිමේන්තුවට පුළුවන් මේ රටේ මුදල් පාලනය කරන යෝජනා ගේන්න. විශේෂයෙන්ම අපට තියෙන්නේ මහජන මුදල් නීති හදල ඒක කැඩුවොත් ඒව ක්‍රියාත්මක කරන්න. අද පවතින පුශ්නය ඇති වුණෙත් නිලධාරීන් දෙතුන් දෙනෙක් නිසානේ .   මේ පාර්ලිමේන්තුවේ යෝජනාවකින් අපට මේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන රාමුව සකස් කරන්න.

4 පාර්ලිමේන්තුවෙන් දඬුවම් ලැබිය යුතු නිලධාරීන් කවුද?

පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර දෙකක් තිබෙනවා. එකක්  මේ ප්‍රශ්න ඇතිවුණේ කොහාමද කියල බලන්ත තෙරීම් කාරක සභාවක් පත් කිරීම. කවුද ඩොලරය පා කිරීමේ තීරණය මේ වෙලාවේ ගත්තේ. එය අත්තටම පා කිරීමක් නෙවෙයි අවප්‍රමාණය කිරීම. රුපියල ඩොලරට සාපේක්ෂව සියයට 50ක් විර අවප්‍රමාණය වෙලා. සාමාන්‍යෙයන් එය සියයට 5කට වඩා වෙනස් වෙනවා නම් කිබිනට් අනුමැතිය ගත යුතුයි. එහෙම අනුමැතියක් ගත්තද?  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ  කාලයක් අරගෙන කරන්න කියල. මේ තීරණය ගැන  මූල්‍ය මණ්ඩලය දන්නෙත් නෑ. මේ තීරණය ගැන  මුදල් කාරක සබාවට කිව්වද ? ඔවුන්ට කියලත් නෑ. කවුද මේකට  වගකියන්නේ? ? . මේ පියවරෙන් ආර්ථිකය නැතිම වුණා. මෙම තීරණ ගත්ත නිලධාරීන්ට පාර්ලිමේන්තුවෙන් දඬුවම් කරන්න ඕන.

  1. අයි.එම්. එෆ් යන්න එපා කියල කිව්වේ කවුද කියල හොයන්න

අයි.එම්. එෆ් එකට නොයන්න කියල කවුද තීරණය කළේ ? මේ සම්බන්ධ ගත් තීරණ පිළිබඳව සොයන්න තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි. අපි මේව  හෙයාන්න ඕන.   2021, 2022 වසරවල ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් ජාතික ඉකිරි කිරීමේ බැංකුවෙන් ආදායම් පෙන්වන්න රුපියල් ට්‍රිලියනයක් විතර අරන්.   බංකොලොත් සමාගම් කරනවා වගේ.  අද මොකක්ද වෙලා තියෙන්නේ අද ආර්ථිකය රිම් එකේ. තව මාසයක් විතර යනකොට රිම් එකෙන් යන්නත් බැරිවෙයි.

  1. ඉන්දියාවෙන් දුන්න මුදල් ඉවර වුණාම රට දුවන හැටි

ඉන්දියාවෙන් එන එන මුදල් නැති වුණාම අපිට අමාරු වෙනවා. දැනට පවතින ඉන්දන හිගය නැති කරන්න නම් එකවර  නැව් හතරක් ගන්න ඕන. ඉන්දියාව ලබා දුන්නු ඩොලර් මිලියන 500න් මිලියන 250ක් විතර දැනටත් ඉවරයි. තව අපිට තිනෙවා ජූලි මාසය ඩොලර් බිලියනයක් ආපසු ණය ගෙවන්න මැයි මාසෙන් පසුව ගෙවන්න මුදල් නෑ. පුද්ගලික අංශයටත් වහන්න වෙනවා මුදල් සහ අමුද්‍රව්‍ය නැතිව .මේ නිසා කඩිනමින්  මුදල් වගකීම පාර්ලිමේන්තුව භාර ගත යුතුයි. ජාත්‍යන්කර මූල්‍ය අරමුදල සමඟ  සාකච්ඡා කළ යුතුයි. මේ සඳහා පත් කළ විශේෂඥයන් තුන් දෙනාට එම වගකීම පැවරිය යුතුයි. ඔවුන්ට මේ සම්බන්ධයෙන් ත්දැකීම් තිබෙනවා.  ශ්‍රි ලංකාව පාර්ශවයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවන කෙටුම්පත් වාරතාව මාසයක් තුල දෙනන් කියන්න. අපට රට දුවන්න මුදල් නෑ. ලෝක බැංකුව එක්ක ආසියානු සංවර්ධන බැංකුව එක්ක අපි හොඳ හිතින් සාකච්ඡා කරන්න ඕන. මොකද අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍ය පියවර ගන්නා විට ඔවුන් තුළත් විශ්වාසයක් ගොඩ නැගේවි.ඔවුන් හරහා  ඩොලර් මිලියන 500ක් 600ක් හොයා ගන්න අපට පුළුවන්.

 8 ආධාර සමුළුවක් ගැන යෝජනාවක්

අපිට පුළුවන්  සමුළුවක් කැඳවල  ඉන්දියාව චීනය ජපානය දකුණු කොරියාව යුරෝපා සංගමය වැනි අපට හිතවත් රටවලින් ආධාර ගන්න. ඒ සඳහා මුල පුරන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලුවොත් ඔවුන් එය කරාවි.  අපි  ලෝක බැංකුව  බැංකුවෙන් ඊට ඉල්ලිමක් කරමු.

 

9 ආහාර ඉල්ලාගෙන අසල්වැසි රටවලට යමු  

ඊළඟට ප්‍රශ්නය ආහාර හිගය.  කොහොමද අපි ආහාර හිගය නවත්වන්නේ? සාක් පාර්ලිමේන්තුවට ගිහින් ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශයෙන්  ආහාර ඉල්ලන්න.එය පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ලෙස අපටත් කරන්න පුළුවන්. ඉන්දියාවේ චීනයේ ජනගහණය අපේ වගේ විශාල ගුණයක්. ඔවුන්ට මෙයට ආධාර කරන එක සුළු දෙයක්. ඔවුන් එය කරාවි.

10 අනවශ්‍ය වියදම් කපා සහන දෙන අයවැයක්

රජය  අලුත් සහන අයවැයක් ඉදිරිපත් කළ යුතුයි. අනවශ්‍ය සංවර්ධන වියදම් සියල්ල ඉවත් කළ යුතුයි.  රාජ්‍ය මූල්‍ය කොමිටිය තව ශක්තිමත්  කරන්න . ආදායම් වැඩි කිරීමේ වෙනම පාර්ලිමේන්තු කමිටුවක් දාන්න.

  1. ණය කළමනාකරණයට වැඩසටහනක් අවශ්‍යයි

අපිට ණය කළමනාකරණය කිරීමේ වැඩසටහනක් ගේන්න.

  1. අලුත් මන්ත්‍රිවරුන්ට අවස්ථාවක් දෙන්න

මම කියන්නේ අධීක්ෂණ කොමිටි 20ක් පත් කරන්න. මන්ත්‍රිවරු ගණනාවක් අවස්ථාවක් ප්‍රශ්නයක් දෙන්න සභාපතිකම් බහුතරයක් ආණ්ඩුවට දෙන්න. පසුපස මන්ත්‍රිවරු ඇයි අවිශ්වාස කරන්නේ? අලුත් මන්ත්‍රීවරු 60ක් 70ක් ඉන්නවා. ඔවුන්ට කිසිදු වගකීමක් නෑ.  දුක හිතෙනවා . ඔවුන්ට වගකීමක් දෙන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදුල්ලේ ජනතාවගේ ජනතා තේරීම… එක් අයෙක් රට හදන්න බෑ කියා පිටව යයි… දෙන්නෙක් කතා නායක පන්නයි…

Next Post

තත්ත්වය ඉතාම තීරණාත්මකයි! වහාම  IMF යන්න – යුරෝපා සංගමයේ තානාපතිවරු නිවේදනය කරයි….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.