දිනසේන රතුගමගේ –
මන්නාරමේ සිට ඉන්දියාවට බෝට්ටුවක ආධාරයෙන් පලා ගොස් සිටියදී මුහුදු වෙරලේ සිහිසුන්ව සිටි අඹු සැමි යුවල ඊයේ ( 3 ) දා තමිල්නාඩු ධනුස්කොඩි රෝහලේදී මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් අත්තේ මන්නාරමේ මුරුංගන්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි පරමේශ්වරී සහ සිවන් නමැති වයෝවෘද්ධ අඹුසැමි යුවළ ක් බවට හදුණාගෙන තිබේ.
පසුගිය ජූනි 27 වෙනිදා මෙම අඹු සමි යුවල තමිල්නාඩුවේ ධනුස්කොඩි මුහුදු වෙරලේ සිහිසුන්ව බිම අද වටී සිටියදී වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් දැක ඔවුන්ව රැගෙන ගොස් රෝහල් ගත කොට තිබුණි.
ඔවුන්ට ප්‍රතිකාර කෙරෙන අවස්ථාවේදී ඉන්දියාවේ ප්‍රබල රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකුම ඔවුන්ව බැලීම සදහා රෝහල වෙත පමිණ වයෝවෘද්ධ දෙදෙනාට කඩිනම් ප්‍රතිකාර ලබා දෙන ලෙස ද රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට අත.
නමුත් ඔවුන් දෙදෙනාගෙන් පලමුව ස්වාමි පුරුෂයාද ඊට පැය හතරකට පසුව බිරිදද ආදි වශයෙන් ඔවුන් දෙදෙනා මියගොස් තිබේ.