බටහිර රාජ්‍යයන් විසින් රුසියාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉන්දියාව සමඟ සිදුකරණ ද්වීපාර්ශවීය වෙළදාම් වර්ධනය කිරීමට උත්ප්‍රේරකයක් බවට පත්ව ඇති බව රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අඩ්‍රේ රුඩෙන්කෝ පවසයි.
රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. එහිදී නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉන්දියාව සහ රුසියාව විසින් දේශී මුදල් ඒකක යොදාගෙන සිය හුවමාරු සිදුකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.
මෙම පියවර මගින් දෙරටේම ස්ව්‍යංපෝෂිත මූල්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට වර්ධනය කිරීමටත් හැකියාව ලැබී ඇති බවද ප්‍රහාන ක්‍රමවේදයන්ද වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බවද හෙතෙම පෙන්වා දී තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් ආකාරයට පසුගිය වසරේදී මින් පෙර නොවූ ආකාරය ද්වීපාර්ශවීය වෙළෙදාම ඉහළ ගොස් තිබූ බවත් එහිදී ආර්ථික සහයෝගීතාවයද සීඝ්‍රෙයන් වර්ධන වී ඇති අතර දෙරටේ වෙළදාම ඇමරිකානු ඩොලර් බිලියන 30ක් ආසන්න වී තිබේ.
″මෙම වසරේදීද රුසියාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවීය වෙළෙදාම සීඝ්‍රෙයන් වර්ධණය වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. එය ඉතාම යහපත් ප්‍රවනතාවයක් විදිහටයි මම දකින්නේ. එමගින් දෙරටටම ඉතා යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි කියා මම විශ්වාස කරනවා.″ යනුවෙන්ද හෙතෙම පැවසීය.
රුසියාව විසින් ඉන්දියාවට තෙල් සැපයීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍යවයර පවසා සිටියේ, තමන් අඛණ්ඩව ඉන්දියාව සමඟ කටයුතු කිරීමට බලාපොරෝත්තු වන බවත් එහිදී ඉන්දියාව සිය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය උපරිම සහය දීමට රුසියාව පසුබට නොවන බවත්ය.







