බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බක් පොහෝදා සිල් සමාදන් වූ කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් කළ දොළුවේ මාරක රිය අනතුර….

by editor
ඔක්තෝබර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොය දිනයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් ගම්පොළ දොළුව ප්‍රදේශයෙන් අද (06) වාර්තාවුණි.

මෝටර් රථය පැදවූ කාන්තාවගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවට පොලීසිය සැක පළ කරයි.

අනතුරට ලක්වූයේ වප් පොහෝදා ගම්පොළ දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ සිල් සමාදන්ව සිටි වැඩිහිටි කාන්තාවන් සිව්දෙනෙකි.

එම කාන්තාවන් දහවල් දානය ගෙන සනීපාරක්ෂක කෘත්‍ය ඉටුකර ගැනීම සඳහා විහාරස්ථානයෙන් පිටත ඇති වැසිකිළි වෙත යමින් සිටිය දී දහවල් 1.30ට පමණ මෙම ඛේදවාචකයට මුහුණ දී තිබුණි.

එහිදී ඔවුන් ප්‍රධාන මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් සිව්දෙනාගේ ගැටී අසල තිබූ ලොරි රථයකද ගැටී නතර වී ඇත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එලෙස ගැටුණු ඔවුන් මෝටර් රථයට සහ අනෙක් පසෙක වූ ලොරි රථයට මැදිවී බරපතළ තුවාල ලබා තිබුණි.

කාන්තාවන් සිව්දෙනා අතරින් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූ අනෙක් කාන්තාව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුරින් මියගියේ ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, 67 හැවිරිදි මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචිව සිටි පල්ලේගෙදර අනුලාවතී යන කාන්තාවන් තිදෙනාය.

අනතුර සිදුකළ මෝටර් රථය පදවා ඇත්තේ 36 හැවිරිදි කාන්තාවකි.

ඇය පුහුණුවන රිය බලපත්‍රයක් හිමි තැනැත්තියක් බව පොලීසිය සඳහන් කළේය.

අදාළ කාන්තාව සිය සැමියා සහ දරු දෙදෙනා සමඟ ගම්පොළ නගරයට පැමිණ ඇති අතර මෝටර් රථය පදවා ඇත්තේ ඇගේ සැමියා විසිනි.

කෙසේ වෙතත් පසුව සැමියා විසින් බිරිඳට මෝටර් රථය පැදවීමේ අවස්ථාව ලබාදී ඇති අතර විහාරස්ථානය අසලදී මෝටර් රථයේ තිරිංග වෙනුවට එම කාන්තාවට වැරදීමෙන් ඇක්සලරේටරය පෑගී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී මෝටර් රථය වේගයෙන් ඇදී ගොස් කාන්තාවන් සිව්දෙනාගේ ගැටී පසුව ලොරි රථයේ ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරත් සමඟ ලොරි රථය මාර්ගයට ඇදී විත් නැවතී ඇති අතර මෝටර් රථය බැම්මක ගැටී තිබේ.

රිය පැදවූ කත රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් නැති නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ගේ  තරග ගාස්තුවලටත් පොලු තියලා – මණ්ඩතිව් ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් හදන බවට ජනපති අන්දන ක්‍රිකට් ආයතනයේ ඇත්ත තත්ත්වය  මෙන්න… 

Next Post

හුංගම නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කරලා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.