සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකුවේ සිටි කුසල් කණ්ඩායමට කැඳවා නිශාන් මධුශ්ක බංකුවට යවයි… හෙට තරගයට වේග පන්දු යවන්නන් 04ක්!

by editor
සැප්තැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට 2-0 ලෙස තරගාවලිය පරාජය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හෙට සිය තරගාවලියේ අවසන් තරගය සඳහා මුහුණ දීමට නියමිතය. තරගය පවත්වන්නේ ඕවල් ක්‍රීඩාංගනයේ ය. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.

 අප තරගයට එන්නේ මේ තරගය හෝ ජයග්‍රහණය කරගැනීමේ අපේක්ෂා සහිතවය. 

ශ්‍රී ලංකාව මීට පෙර එංගලන්තයේදී ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගමාලා හතරකට ක්‍රීඩා කර ඇති අතර කිසිවිටෙකත් පූර්ණ තරග තුනම පැරදී පූර්ණ පරාජයක් ලැබුවේ නැත. එය සුබවාදී ප්‍රවේශයකි. 

හෙට තරගය පැවැත්වෙන  ඕවල් ක්‍රීඩාංගනයේ අප මින් පෙර තරග කළේ මීට වසර 26කට පෙරය. ඒ  1998 දී ය.  ඕවල් පිටියේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ අනුපාතය සියයට සීයකි. වසර 26කට පෙර අවසන් සංචාරයේ දී සනත් ජයසූරිය මේ පිටියේ ලකුනු 213ක් ලැබුවේය. මුත්තයියා මුරලිදරන් ලකුණු 65කට කඩුළු 09ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබුවේය.

එහෙත් මුරලි පෙරළි කළ එදාට වඩා අද ඕවල් ක්‍රීඩාංගනය වෙසන්ය.   

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සරත් සමයේ කාලගුණ තත්ත්වය ආරම්භ වී තිබේ. පසුගිය ප්‍රාන්ත ශූරතාවලියේ තරග 6කදී දඟ පන්දු යවන්නන් හමුවේ බිඳ වැටී ඇත්තේ කඩුලු 26ක් පමණි. වේග පන්දු යවන්නෝ කඩුළු 173ක් ලැබූහ. ඕවල් ක්‍රීඩාංගනය මෙම වාරයේ දඟ පන්දු යැවීමට සුදුසු ස්ථානයක් වූයේ නැත. තෙත් කාලගුණය සහ වැසි සඳහා පුරෝකථනය කිරීම, තරගයේ සිවුවන දිනය වන සඳුදා විශේෂයෙන් අඳුරු දිනයක් බවට වන තක්සේරුව අනුව වසර 26 කට පෙර ශ්‍රී ලංකාව ඕවල් පිටියේ තරග කළ අවස්ථාවේ දී මුරලි ආධිපත්‍යය දැරූ තණතීරුවට වඩා බොහෝ දුරස්ථ වූ ස්වරූපයක් පෙන්නුම් කරන්නේය. අප ප්‍රභාත් ජයසූරිය බංකුවේ තබා ඇත්තේ ඒ අනුවය.

එහෙත් එංගලන්ත කණ්ඩායම සිය විශේෂඥ දඟ පන්දු යවන්නා ෂොයිබ් බෂීර් සමග තරගයට පැමිණ ඇත්තේය. තණතීරුවේ ස්වරූපය අධ්‍යනයෙන් අනතුරුව අප ප්‍රභාත් ජයසූරිය වෙනුව විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට ගැනීමට කළමනාකාරිත්වය ක්‍රියා කර තිබෙන්නේය. ජයසූරියගේ පන්දු ඕවර ප්‍රමාණය ආවරණය කිරිමේ වගකීම කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ මද වේග පන්දු යවන ඈන්ජලෝ මැතිව්ස් වෙත පැවරී තිබේ. මැතිව්ස් 2017න් පසු ටෙස්ට් තරගවල යවා ඇත්තේ පන්දු වාර අතලොස්සකි.

ශ්‍රී ලංකා කණ්ඩායම

කණ්ඩායමේ වෙනසක් සිදුකර ඇත. දිගින් දිගටම අසමත් වූ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක වෙනුවට පසුගිය තගරගයේ බංකුවේ සිටි කුසල් මෙන්ඩිස්ව කැඳවා තිබේ. ඒ අනුව පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙසත් කුසල් මෙන්ඩිස් අංක 03 පිතිකරු ලෙසත් ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් සිවු දෙනෙකුගෙන් තරග වැදීමට නියමිතය. ඒ අනුව වමත් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය වෙනුවට වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ. ඔහු සමග මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කමිඳු මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලහිරු කුමාර, 11. අසිත ප්‍රනාන්දු

එංගලන්ත කණ්ඩායම මෙසේය.

1. ඩෑන් ලෝරන්ස්, 2.බෙන් ඩකර්ට්, 3. ඕලේ පෝප් ( නායක)  4. ජෝ රූට්, 5. හැරී බෲක්, 6.ජමි ස්මිත් ( කඩුළු රකින ක්‍රීඩක), 7. ක්‍රිස් වෝර්කස්, 8.ගස් එට්කිනසන්, 09. ඔලි ස්ටොන්, 10.ෂොයිබ් බෂිර්, 11. ජොෂ් හුල් තරග වදින  කණ්ඩායමය.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ නියෝගයෙන් රාජ්‍ය ඇමතිවරු සිවු දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි ධූරවලින් පහ කරයි!

Next Post

වැලිකන්ද ගැමියෙක් වතුර ටැංකියක් මත නැගී උපවාසයක…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.