වත්මන් රජය ඉදිරි මාස හතරට ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්තමේන්තුවෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 5.4ක් වෙන් වී තිබේ.
ඒ අනුව මාසයකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ක්‍රීඩා හා යෞවන කටයුතු වෙනුවෙන් වැය කිරීමට ඇමති නාමල් රාජපක්ෂට හැකි වී ඇත.
පසුගිය වකවානුව පුරාම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පහසුකම් සැලසීම, පෝෂණ දීමනා නොලැබිම, දීමනා කප්පාදුව නිසා ක්‍රීඩකයන්ට ඇති වූ අපහසුතා නැති වී යනු ඇතැයි විශ්වාස කෙරේ. මේ දීමනා කප්පාදුව නිසා බරපතල අර්බුදයට පත් වූයේ බර ඉසිලීමේ ක්‍රීඩිකාවන්ය.







